විටමින් ‘C ‘ප්‍රමුඛතා ලැයිස්තුවට

522

විටමින් “සී” ඖෂධය ගර්භනී මාතාවන්ට සහ පාසල් දරුවන්ට බහුලව ලබාදෙන බවත්, මෙම තත්ත්වය තුළ මෙරටට විටමින් “සී” ඖෂධය සැපයීම සිදු කරනු ලබන්නේ එම තත්ත්වය වඩාත් සැළැකිල්ලට ගනිමින් යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂඥතාවයට මෙන්ම පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ තොරතුරු ඔස්සේ මෙලෙස එම ඖෂධය මෙරට ජනතාව සදහා ලබාදීමට පියවර ගැනෙන බව හෙතෙම අවධාරණය කරයි.විටමින් “සී” ඖෂධය මෙරට ඖෂධ ප්‍රමුඛතාවය සදහා ලබාදීම පිළිබදව පසුගියදා මාධ්‍ය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පළ කෙරුණු අදහස් සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවැසීය. එමෙන්ම එම ඖෂධය මෙරට ජනතාව අතර බහුලව භාවිතයට ගැනෙන ඖෂධයක් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.ඒ අනුව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂඥතාවයට අනුව මෙම ඖෂධය ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුලත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසිය. වාර්ෂිකව විටටමින් “සී” ඖෂධ පෙති මිලියන 180 ක් අවශ්‍ය වන බවත්, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සහ මෙරට ඖෂධ නිෂ්පාදනකරුවන් මෙම විටමින් “සී” ඖෂධය නිෂ්පාදනය කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය . එම අයගෙන් අවශ්‍ය ප්‍රමාණයට පමණක් වෛද්‍ය සැපයීම් අංශයට ඖෂධ තොග ලබාගන්නා බව ද වැඩිපුර මෙම ඖෂධය ගෙන්වා තොග එකතු කර තබා ගැනිමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය. විශේෂඥ වෛද්‍යවරු සමග සාකච්ඡා කර වෛද්‍ය සැපයීම් අංශය ඖෂධ 850 ක් වැනි ප්‍රමාණයක් සහිත ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර ඇති බවත්, එම ප්‍රමුඛතා ලැයිස්තුව සැකසීමේ දී විටමින් “සී” ඖෂධය ඇතුළත් කර නොතිබුණ ද අත්‍යාවශ්‍ය ඖෂධ ලැයිස්තුවට ඇතුලත් කිරිමට නිර්දේශ ලබාගන්නා ලද්දේ ගර්භනී මාතාවන් සහ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව බාරව සිටින පවුල් සෞඛ්‍ය කාර්යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශයන් කළ ඉල්ලීමකට අනුව එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශේෂඥතාවයට අනුව බව ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment