සෝමාවතිය තවමත් ජලයෙන් යට වෙලා

519

දිවයිනේ පළාත් කිහිපයකට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ රැසක් තවදුරටත් වාන් දමමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. සෝමාවතිය පුදබිම ද තවමත් ජලයෙන් යටව පවතින බැවින් මේ දිනවල පුදබිමට පැමිණීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දිවයිනේ පළාත් කිහිපයකට තවදුරටත් වැසි සහිත කාලගුණයක් පවතින අතර ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර 148.4 වාර්තා වූයේ පොළොන්නරුව අරලගංවිල ප්‍රදේශයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment