ආබාධිත-වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළට

76

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ජනවාරි සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ අනුව රු. 5000ක්ව පැවති ආබාධිත සහ වකුගඩු දීමනාව රු. 7500 ක් දක්වා සහ රු. 2000ක්ව පැවති වැඩිහිටි දීමනාව රු. 3000ක් දක්වාද ඉහළ නංවන බව මුදල් රාජ්‍ය ඇමැතිවරයා කියයි.

එසේම දැනට අස්වැසුම ප්‍රතිලාභ පවුල් තුළ සිටින ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මේ වසරේ (2024) පළමු කාර්තුව තුළ හඳුනා ගැනීමට නියමිත බවත් ඉන්පසු ඔවුන්ටද මෙම වැඩි කළ දීමනාව 2024 අප්‍රේල් 01 දින සිට ලබාදීමට නියමිත බවත් ඇමැතිවරයා කියයි.

මේ අතර 2024 මාර්තු 31 දිනෙන් අවසන් වීමට නියමිතව පැවති අස්වැසුම ප්‍රතිලාභ යටතේ අවදානමට ලක්වූ සහ සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම් 2024 දෙසැම්බර් 31 දින දක්වාම සිදු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment