හෙල්ල රැජන නදීකා ක්‍රීඩා දිවියට සමු දෙයි

422

හෙල්ල විසිකිරීමේ ජාතික ශූරිය නදීකා ලක්මාලි තමාගේ අවසන් තරගයේ දී ද රන් පදක්කමක් දිනා ගනිමින් තම 23 වසරක ක්‍රීඩා ජීවිතයට ඊයේ (25 වැනිදා) සමුදුන්නාය.

ඇය හෙල්ල විසිකිරීමේ ජාතික ශූරිය ලෙස වසර 17ක් තම වාර්තාව රැකගෙන සිටියාය.

ජාතික මහා ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් ඇය දකුණු පළාතට තම අවසාන රන් පදක්කම ද ඊයේ තිළිණ කළාය.

ඔලිම්පික්, පොදුරාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල වැනි ජාත්‍යන්තර තරගාවලි රැසක් නියෝජනය කිරීමට සමත්ව සිටි නදීකා ඊයේ තම ඉසව්වෙන් ප්‍රදර්ශනය කළ දක්ෂතාවය මීටර් 51.84 කි.

advertistmentadvertistment
advertistmentadvertistment