දකුණු අප‍්‍රිකාවේදී  බංග්ලාදේශයට තරගාවලි ජයක්

314

දකුණු අප‍්‍රිකාව සමඟ සෙන්චූරියන්හිදී පැවති තෙවැනි සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 9ක ජයක් අත් කර ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

මේ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර, එය ඉතිහාසයට එක් වූයේ බංග්ලාදේශය දකුණු අප‍්‍රිකාවේදී ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව ලෙසයි. එවැනි දස්කමක් කළ තෙවැනි ආසියා කණ්ඩායම වන්නේ බංග්ලාදේශයයි.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකා පිල ලකුණු 154කට සීමා කළ බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ ඕවර 26.3කදී ජයග‍්‍රාහී ඉලක්කය පසු කළේ කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමිනි. නායක ටමීම් ඉක්බාල් නොදැවී ලකුණු 87ක් රැුස් කළ අතර, ලිටොන් දාස් ලකුණු 48ක් ඉනිමට එක් කළේය.

ජනෙමන් මලාන් ලකුණු 39ක් රැුස් කරමින් පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, පන්දු යැවීමේදී ටස්කින් අහමඞ් ලකුණු 35කට කඩුලූ 5ක් බිඳ දැමීමට සමත් විය.

වසර 10කට පසු දකුණු අප‍්‍රිකාවේ පැවති එක්දින තරගයකදී විදෙස් පන්දු යවන්නකු කඩුලූ 5ක් බිඳ දැමූ පළමු අවස්ථාව ලෙස එය වාර්තා අතරට එක් විය. අවසන් වරට ශ‍්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ලසිත් මාලිංග 2012 වසරේ දකුණු අප‍්‍රිකාවේදී ලකුණු 54කට කඩුලූ 5ක් දවාගෙන තිබිණි.

වසර 3ක් විවේකයකින් අනතුරුව පසුගිය ජනවාරි මස යළි කණ්ඩායමට පැමිණි බංග්ලාදේශ වේග පන්දු යවන ටස්කින් අහමඞ් අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා ලෙස ද නම් කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment