කසිප්පු පෙරා මාට්ටු වූ හිටපු මන්ත්‍රීට දඩ

1053

වාහන අලුත්වැඩියා කරන ගරාජයක මුවාවෙන් කළුතර-උතුරු ගාලු පාරේ පිහිටි කුලියට ගත් නිවසක් තුළ ඉතා සූක්ෂම ලෙස භූගතව සිදුකරගෙන ගොස් තිබෙන මහා පරිමාණ කසිප්පු පෙරීමේ තිප්පළක් ඊයේ කළුතර උතුර පොලිස් ස්ථානයේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත වැටලීම කර ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන කළුතර ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන පක්ෂයක හවුල්කාර පක්ෂයක ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරයකු 25 වැනිදා පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර කළුතර උතුර පොලිසිය විසින් ඊයේ සැකකාර අපේක්ෂකයා කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 125000 දඩ නියම කර ඇත.

මහා පරිමාණ ගෝඩා බැරල් පහළොවක් සහ පෙරන ලද කසිප්පු බූලි තොගයක් සහ ඊට යොදාගත් උපකරණ පොලිස් භාරයට ගෙන තිබුණි.

සැකකාර හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ද මහත් පරිශ්‍රමයක් දරා බව වැටලීම කළ පොලිස් කණ්ඩායමේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම ජාවාරමට සම්බන්ධ අවට ප්‍රදේශයේ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ මේ වන විටත් ක්‍රියාත්මක ඇත.

කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ශිත මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙම වැටලීම සිදුකළහ.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment