කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිදී පදක්කම

157

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසාන මහා තරගය ජය ගනිමින් රන් පදක්කම හිමි කරගැනීමට ඉන්දියාව සමත් වූ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඒ අනුව රිදී පදක්කම හිමි විය. ශ්‍රී ලංකාව ආසියානු තරගාවලියක පදක්කමක් දිනා ගනු ලැබුවේ වසර 9 කට පසුව බවට මෙම අවස්ථාව සටහන් වෙයි.

ලකුණු 19කින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඉන්දියාව කුසලානය ජය ගත්තේය. ඉන්දීය කණ්ඩායමෙන් ලකුණු 117ක ඉලක්කයක් හිමි වුවද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් රන් පදක්කම පෙනි පෙනී ගිලිහී ගියේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 25 ක්ද නිලක්ෂි ද සිල්වා ලකුණු 23 ක්ද ඕෂධී රණසිංහ ලකුණු 19 ක්ද රැස්කළහ.

පන්දු යැවීමේදී ටිටාස් සදු ලකුණු 06 කට කඩුලු 03 ක්ද රාජේෂ්වරී ගයික්වාඩ් ලකුණු 20 කට කඩුලු 02 ක්ද දවා ගනිමින් ඉන්දීය කණ්ඩායමට ජයග්‍රහණය ගෙන දුන්හ.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ස්මිත්‍රි මන්දනා ලකුණු 46 ක් ලබා ගත්තාය. සුගන්ධිකා සහ උදේෂිකා විසින් ද කඩුලු 02 බැගින් බිඳ දැමිණි.

advertistmentadvertistment
advertistmentadvertistment