ගෘහ සේවයට රට ගිය පිරිස 27% දක්වා පහළට – ඇමැති මනුෂ

63

ඉකුත් මාස 11ක කාලයේ විදෙස්ගත වී ඇති ශ්‍රමිකයන්ගෙන් ගෘහස්ත සේවය සඳහා ගොස් ඇති ප්‍රමාණය සියයට 27 දක්වා අඩුවී ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන හා කම්කරු ඇමැති මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවසීය.

මෙම කාලයේ දී පුද්ගලයන් දෙලක්‍ෂ හැට දහසක් පමණ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ද ඉන් සියයට 73ක් පමණ ගෘහ සේවයෙන් බැහැර රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ද ඇමතිවරයා කියා සිටියේය.

ගෘහ සේවයට පිටත්ව යන ප්‍රමාණය අවම වීම හොඳ මට්ටමක් බවද ගෘහ සේවයට යැවීම අධෛර්ය කිරීම රජයේ අරමුණක් බවද ඇමැතිවරයා කීය.

ඉකුත් මාස 11 තුළ විදෙස් රැකියා සඳහා ගිය ශ්‍රමිකයන්ගෙන් සියයට 56ක් පිරිමි වන අතර කාන්තාවන් ප්‍රමාණය සියයට 44කි. පසුගිය 2022 වසරේ දී විදෙස්ගත වූ ශ්‍රමිකයන් ප්‍රමාණය තුන්ලක්‍ෂ දොළොස්දහක් බවද මෙම වර්ෂයේ ශ්‍රමිකයන් විදේශගතවීමේ ප්‍රමාණය ලක්‍ෂ 3 ඉක්මවනු ඇතැයි ද ඒ මහතා කීය.

ලබන වසරේ සිට ගෘහ සේවිකාව යන නාමය වෙනුවට ගෘහ පාලිකාව ලෙස පුහුණුවක් සහිතව පිරිස් රැකියා සඳහා යොමු කරන බවත් ඔවුන්ට එන්. වී. කිව්. පුහුණුව ලබා දෙන බවද පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment