දුමින්ද සිල්වාගේ ජනාධිපති සමාවට අතුරු තහනම් නියෝගයක්

880


දුමින්ද සිල්වා මහතාගේ මරණ දඩුවම ඉවත් කරමින් ලබාදුන් ජනාධිපති සමාව ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිද වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනෙක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.ඒ අනුව දුමින්ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණය භාරයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර ඇත.මෙම පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා කල් තබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment