ඉන්දියාවට පහසු ජයක්

96

ඉන්දියාව සහ සත්කාරක අයර්ලන්ත කණ්ඩායම අතර පැවැති පළමු පන්දු වාර 20 – 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

 වර්ෂාව හේතුවෙන් පන්දු වාර 12කට සීමා වූ එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 108ක් ලබාගත් අතර ඉන්දීය කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 3 ක් තුළදී කඩුලු තුනක් දැවී ලකුණු 111ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.

 අයර්ලන්තය වෙනුවෙන් හැරී ටෙක්ටර් ලකුණු 64ක් ලබාගත් අතර ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු දීපක් හූඩා නොදැවී ලකුණු 47ක් සහ නායක හර්දික් පාන්ඩයා ලකුණු 24ක් ලබාගෙන පිත්තෙන් දස්කම් දැක්වූහ.

 ලකුණු සාරාංශය

 අයර්ලන්තය 108/4

 ඉන්දියාව 111/3

advertistmentadvertistment
advertistmentadvertistment