ත්‍රිමලේ සිට කොළඹ පැමිණි රාත්‍රී තැපැල් දුම්රියට හබරණදී වන අලි දෙදෙනෙක් බිලි

114

ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට පෙරේදා (08) රාත්‍රී 9.30ට පමණ හබරණ හතරැස් කොටුව ප්‍රදේශයේදී වන අලින් දෙදෙනෙකු හැපී මියගොස් ඇතැයි හබරණ පොලීසිය කියයි.

අලින් දෙදෙනා දුම්රියේ හැපීම නිසා දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇති අතර මගීන් කිසිවෙකුටත් හානි සිදුව නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය අලින් දෙදෙනා හුරුලු පාරිසරික වනෝද්‍යානයේ විසු අලින් වන්නට ඇතැයි වනජීවී නිලධාරීහු පැවැසූහ.

එම අලි දෙදෙනාගේ මරණ සම්බන්‍ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකය මගින් සිදු කිරීමට නියමිත බවද ඔවුහු කීහ.

කරුණාරත්න ගමගේ, ත්‍රිකුණාමලය සමන් මල්ලවආරච්චි, කන්තලේ ඩබ්ලිව්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment