හරි ඔත්තුවකට ලක්‍ෂ 25ක්

2340

මුල්ලේරියාව මීගහවත්ත ප‍්‍රදේශයේ දී පෙරේදා (26 වැනිදා) වෙඩි තබා සිදුකළ මනුෂ්‍ය ඝාතනයේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔත්තුවක් සපයන පුද්ගලයකුට රුපියල් ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක් ලබා දීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

 මෙම සැකකරු පොන්නම්පෙරුම ආරච්චිගේ දුන් ධනුෂ්ක බුද්ධික නොහොත් ජිලේ නමැති 30 හැවිරිදි අයකු බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 දෑතෙහිම වැලමිට දක්වා පච්ච කොටා ඇති මොහු අංක 42 /02, බාරොන් තිලකානන්ද මාවත, මුල්ලේරියාව නව නගරය හා අංක 333 සී, රොබට් ගුණවර්ධන මාවත, මාලබේ මෙන්ම අංක 252, උඩුමුල්ල, මුල්ලේරියාව යන ලිපිනයන් හි පදිංචිව සිටින්නකු බව ද පොලිසිය පවසයි.

 ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය උඡු ඞඪ 5432 අංක දරන එකක් බව ද සඳහන් කරන පොලිසිය මෙම සැකකරු අංගොඩ, හිඹුටාන, කොරියාව නව නගරය, වැලිගම, මිදිගම, හික්කඩුව සහ ගාල්ල යන ප‍්‍රදේශවල වැඩි වශයෙන් ගැවසෙන බව ද කියා සිටියි.

 මොහු පිළිබඳව තොරතුරක් දන්නේ නම් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ අංක 0718591727, 0777370360 දුරකථනයට හෝ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ 0718592279 දුරකථනයට දැනුම් දෙන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment