Mahindra IDEAL Finance නවතම ශාඛාව හැටන් නගරය

38

Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව හැටන් නගරයේදී පසුගියදා විවෘත කරන ලදි. ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ ප්‍රජාවන්ට මූල්‍ය සේවාවන් ලබාගැනීම පහසු කරවීමේ අරමුණින් Mahindra IDEAL Finance සමාගම මේ වනවිට තම ශාඛා ජාලය පුළුල් කිරීමේ මෙහෙවරක නිරත වී සිටී. නව ශාඛාවද ඇතුළුව Mahindra IDEAL Finance සමාගම මේ වනවිට දිවයින පුරා ශාඛා 30 ක් විවෘත කර තිබේ.

අංක 125, දිඹුල පාර, හැටන් යන ස්ථානයේ මෙම නව ශාඛාව පිහිටා ඇත. ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රජාවන්ට මූල්‍ය සේවාවන් සැපයීම ඉලක්ක කරගත් Mahindra IDEAL Finance සමාගම මේ වනවිට රන් ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂිකාර්මික රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං සේවාවන් ඇතුළු තවත් මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී තිබේ.

මෙම නව ශාඛාව මගින් හැටන් සහ ඒ අවට වෘත්තිකයන්ට ඵලදායී රැකියා අවස්ථා රැසක්ද උදාවනු ඇත. මෙරට වෘත්තිකයන්ට දියුණුවේ මංපෙත් විවර කරන ආයතනයක් ලෙස පිළිගැනීමට ලක් වී ඇති Mahindra IDEAL Finance සමාගම, Great Place to Work ආයතනය මගින් මෙරට බැංකු, මූල්‍ය හා රක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සේවායෝජකයන් 10 දෙනා අතරට නම්කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment