දහතුනෙන් එහාට යන්න සහාය දෙන්න බෑ: මෝදිට යැවූ ලියුමට අත්සන් නොකළ හේතුව මනෝ ගනේෂන් කියයි

360

මෙරට පවතින ජනවාර්ගික ගැටලූවට විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් මැදිහත්ව ක‍්‍රියාකරන ලෙස ඉල්ලමින් ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි මහතා වෙත මෙරට දමිළ දේශපාලන පක්‍ෂ එකමුතුව විසින් ලිපියක් යොමුකර ඇත.

මෙරට දමිළ ජනතාවට බලපා ඇති ගැටලූ විසඳා ගැනීම වෙනුවෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කර, ඉන් ඔබ්බට යන ෆෙඩරල් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් ඉන්දීය අගමැතිවරයාට මැදිහත්ව ක‍්‍රියාකරන ලෙස එම ලිපියෙන් ඉල්ලා තිබේ.

ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩෙයිකලනාදන්, ඞී. සිද්ධාර්ථන්, සී. වී. විග්නේෂ්වරන්, සුරේෂ් පේ‍්‍රමචන්‍ද්‍රන්, ශ‍්‍රීකාන්තා, එම්. ඒ. සුමන්තිරන් සහ සුරේස් කුරුසුවාම් යන දමිළ දේශපාලන පක්‍ෂ නායකයන් අදාළ ලිපියට අත්සන් තබා ඇති අතර, එම ලිපිය පසුගියදා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයේදී තානාපති ගෝපාල් බග්ලේ මහතාට භාර දී ඇත. කෙසේ වෙතත් අදාළ දමිළ පක්‍ෂ සමඟ

ජනවාර්ගික ගැටලූවලට විසඳුම් සෙවීම වෙනුවෙන් දමිළ පක්‍ෂ එකමුතුව සමඟ සාකච්ඡා පැවැත්වූ දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය ඉන්දීය අගමැතිවරයාට යොමුකළ අදාළ ලිපියට අත්සන් තබා නැත.

ඒ පිළිබඳව දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් මහතා ‘දිවයින’ට ඊයේ (21 දා) මෙසේ ප‍්‍රකාශ කළේය.

‘‘ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇති 13 වන සංශෝධනයෙන් ඔබ්බට යන සැලසුම්වලට අපට සහාය ලබා දිය නොහැකියි. අපි එක රටක් තුළ සාමය, සහජීවනය අපේක්‍ෂා කරන්නන්. ෆෙඩරල් විසඳුම් ඉල්ලා දමිළ පක්‍ෂ එකමුතුව කොටස් තුනකට බෙදිලා. මෝදිට යොමු කළ ලිපියෙන් ඔවුන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන බලකර තිබුණත් ඒ අයගේ අරමුණ 13 වන සංශෝධනයෙන් ඔබ්බට ගොස් ෆෙඩරල් විසඳුමක්. අපි ඒකට කැමති නැහැ.

දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය විදිහට මමත් පලනි තිගාම්බරම් සහ රාධාක‍්‍රිෂ්ණන් මහතාත් එකම ස්ථාවරයක සිටිනවා. මගේ නායකත්වයෙන් යුත් සන්ධානයක්, දකුණේ දමිළ දේශපාලන පක්‍ෂත් ඉල්ලා සිටින්නේ 13 වන සංශෝධනය පමණක් ක‍්‍රියාත්මක කරන ලෙසයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment