ජාතික සුපර්ලීග් අවසන් මහා තරගය : දඹුල්ල ලකුණු 179ක් ඉදිරියෙන්

107

ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (03 වැනිදා) දිනයට තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව ගාල්ල කණ්ඩායමට වඩා ලකුණු 179 ක් ඉදිරියෙන් සිටී.

ඒ වන විට දඹුල්ල කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 116ක් ලබා සිටි අතර නොදැවී පන්දුවට පහර දෙමින් සිටි සොනාල් දිනූශ ලකුණු 51ක වටිනා අර්ධ ශතකයක් ලබා සිටියේය. අනෙක් අන්තයේ සිටි අශාන් ප්‍රියංජන් නොදැවී රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 34කි.

දඹුල්ල කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 248ට පිළිතුරු ලෙස ගාල්ල කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කර ගත්තේ සියල්ලන් දැවී ලකුණු 187ක් පමණි.

එම ලකුණු 187න් ද ලකුණු 78ක් ලබා ගත්තේ අංක7 පිතිකරු වන පැතුම් කුමාරය. පන්දු 120කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් සන්නද්ධ වූ පැතුම් ගේ වටිනා ඉනිම නිමා වූයේ ගාල්ල කණ්ඩායමේ 9 වැනි කඩුල්ල ලෙස ය. ගාල්ල කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් දස දෙනාම ලකුණු 10 සීමාවට මෙපිටින් දැවී ගිය අතර පැතුම් සමග එකතු වූ සුමින්ද ලක්ෂාන් හත් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූහ.

සුමින්ද ලක්ශාන් ලකුණු 41 ක් ලැබූ අතර අංක නමය පිතිකරු කවිශ්ක අංජුල ලකුණු 26ක් ලබා ගත්තේය.

ගාල්ල කණ්ඩායමට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග කඩුලු හතරක් සහ ලහිරු සමරකෝන් කඩුලු තුනක් ලබා ගත්හ.ඒ අනුව පළමු ඉනිමේ ලකුණු 63ක වාසියක් සමඟ දෙවෙනි ඉනිම ඇරඹූ දඹුල්ල කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 55 ක් තුළ බිඳ වැටුණි. මොහොමඩ් සිරාශ් එහිදී කඩුලු 2ක් දවාගත් අතර සංගීත් කුරේ කඩුල්ලක් දවා ගත්තේය. එහෙත් අනතුරුව පිටියට පිවිසි අශාන් ප්‍රියංජන් ආරම්භක පිතිකරු සොනාල් දිනූශ සමග 5 වැනි කඩුල්ල සඳහා ලකුණු 61 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment