යහපාලන ආණ්ඩුව හා ජවිපෙ වත්මන් ආර්ථික අර්බුදය ඇතිකිරීමේ කොටස්කරුවන් – උදය ගම්මන්පිල

161

යහපාලන ආණ්ඩුව හා ජනතා විමුක්ති පෙරමුණත් වත්මන් ආර්ථික අර්බුදය ඇති කිරීමේ කොටස්කාරයන් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

එම පක්‍ෂ මූලස්ථානයේ දී (25 දා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය.

ගම්මන්පිල මහතා එහිදී මෙසේ ද පැවසීය.

ආර්ථික අර්බුදයට දැන් වසරකට වඩා වයසයි. නමුත් මේ අර්බුදයෙන් මිදෙන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ආණ්ඩුව විතරක් නොවේ. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණත් මේ දක්වා මේ අර්බුදයට උත්තරයක් දෙන්න අසමත් වෙලා තිබෙනවා.

වැඩි පොළියට ඩොලර් බිලියන 12 ක් වැනි දැවැන්ත මුදලක් 2015 -2019 කාලයේ ණයට අරන් රට ණය උගුලක සිර කළේ යහපාලන ආණ්ඩුවේ නායකයන්. රැකියා විරහිත උපාධිධාරින්ට ආණ්ඩුවේ රැකියා දෙන්න බල කරලා රටට ඔරොත්තු නොදෙන සහනාධාර ලබා දෙන්න බල කරලා ආණ්ඩුවේ වියදම මේ රටට දරා ගන්න බැරි මට්ටමට ගෙන ගියේ ජවිපෙ. ඒ නිසා ආණ්ඩුව වගේම මේ පක්ෂ සියල්ලම මේ අර්බුදයේ කොටස්කරුවන්.

පුංචි ඡන්ද වේදිකාවේ අපට මොනවාද ඇහෙන්නේ? අපි හොඳටම දන්න අපේ ප්‍රශ්න නැවත අපිටම කියනවා. නැතිනම් එකිනෙකාට පලු පැලෙන්න බැන ගන්නවා. මේ දෙකෙන් මොක කළත් මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. අපේ දුක රස කරලා අපට කියන විකට නළුවන්ට වගේම එකිනෙකාට බැන වදින චණ්ඩි නළුවන්ටත් මේ අර්බුදයට විසඳුම් දෙන්න බෑ.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment