මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදකී

124

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා පසුගියදා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමිපාණන් වහන්සේ සහ අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥානරතන මහ නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

එමෙන්ම ඔහු ශ්‍රී දළදා මාලිගාවද වැඳ පුදාගත් අතර, දියවඩන නිලමේ තැන්පත් ප‍්‍රදීප් නිලංග දෑල මහතා සමඟ කෙටි පිළිසඳරක නිරතවිය.

මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පෙරේරා, මහනුවර ප්‍රාදේශීය කළමනාකාර නලින් පොත්තවෙල, සහකාර ප්‍රාදේශිය කළමනාකාරුවන් වන ජනක ජයසිංහ, ශමීර කුමාරපේලි හා මහනුවර ශාඛා ජ්‍යෙෂ්ඨ කළමනාකාර ප්‍රසන්න කරුණාරත්න යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment