ඇදුම රෝගය සුවකිරීමෙන් වෙනත් රෝග මතුවීමට හේතු

1424

ඇදුම යනු අපට ඇතිවන ශ්වසන රෝග අතර මහා පීඩාකාරී අපහසුතා ඇති කරන රෝගයකි. වයස් බේදයකින් තොරව ලොකු කුඩා ඕනෑම අයකුට ඇදුම රෝගය වැළඳිය හැකිය.

විශ්වයෙහි ඇති එක් ශක්ති ප්‍රභවයක් වන ඔක්සිජන් සිරුරට ලබා ගන්නේ හුස්ම ගැනීම මගිනි. ඒ සඳහා විනාඩියකට නිරෝගී පුද්ගලයෙක් වාර 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් හුස්ම ගනු ලබයි. එම වාර ගණනට අඩු ප්‍රමාණයක් හුස්ම ගැනීම සිදුකරමින් ජීවත්වීම අපහසුය.

මෙලෙස හුස්ම ගැනීම මගින් ලබා ගන්නා ඔක්සිජන් සිරුරට උරා ගනු ලබන්නේ පෙනහලු මගිනි. එහි ඇති ගර්ත මගින් සිරුරට ඇතුළු කරගත් වාතයේ ඇති ඔක්සිජන් පෙරා රුධිරය වෙත එක් කරනු ලබයි.

එනිසා පෙනහලු යනු විශ්වයේ ඇති ශක්තියක් සිරුරට උරාගන්නා එකම ඉන්ද්‍රිය වේ.

මෙහි ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදුවීමට නම් පෙනහලුවල ඇති ශ්වාසනාළය, ශ්වාස නාළිකා ගර්ත ආදී සියල්ල හොඳින් පැවැතිය යුතුය.

ඇදුම රෝගයේදී සිදුවන්නේ මේවායේ ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවීමය. එවිට හොඳින් හුස්ම ගැනිමේ අපහසුතා මතුවේ. ඔක්සිජන් සිරුරට උරා ගැනීම දුර්වල වේ.

මෙම තත්ත්වය වඩාත් තීව්‍ර කරන හේතුව ලෙස සීතල ආහාර වර්ග දැක්විය හැකිය. ඊට අමතරව දුහුවිල්ල, මකුළුදැල් ආදිය මගින් ද හුස්ම ගැනීමේ අපහසුතා වැඩි කරයි.

මෙවැනි හේතු නිසා හුස්ම ගැනීමේ අපහසුතා හටගත් විට පෙනහලු තුළ සෙම නිපදවීම වැඩි වේ. එම සෙම තට්ටු ලෙස පෙනහලු තුළ තැන්පත් වී. ගර්තවල න්‍රියාකාරිත්වයට බාධා හට ගනී. එවිට ඇදුම රෝග තත්ත්වය උත්සන්න වේ. එසේ උත්සන්න වූ විට හුස්ම ගැනීමේ අපහසුතා මතුවේ. එවිට හතිය, පීනස ආදිය ද හටගනී.

සිරුරට අවශ්‍ය පෝෂ්‍ය කොටස් රැගෙන යන්නේ රුධිරය මගිනි. එසේ රැගෙන යන පෝෂක කොටස්වල ගමනාගමනය වේගවත් කරනුයේ ඔක්සිජන් වලින් ලැබෙන ශක්තියෙනි. එනිසා සිරුරට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නිසි ලෙස නොලැබුණු විට රුධිරය මගින් ගමන් කරන පෝෂක කොටස් නිසි ලෙස සිරුරේ ඉන්ද්‍රියයන් වෙත නොලැබීම නිසා ඒවායේ ක්‍රියාකාරිත්වය ද දුර්වල වේ.

දිගු කාලයක් ඇදුම රෝගය පැවතීමෙන් සිරුර දුර්වල වන්නේ මෙම හේතුව නිසාය. එසේම ඇදුම රෝගය දිගු කාලයක් තිබීම නිසා නාසයේ මස්දලු හටගැනීම, සෙම්ගෙඩි නිතර ඉදිමුමට ලක්වීම, කෝටරක ප්‍රදාහය මතුවීම, පීනස රෝගය උත්සන්න වීම, නිතර නිතර හතිය මතුවීම ඇදිය ද ඇතිවේ.

එනිසා ඇදුම රෝගය සඳහා කඩිනමින් නිසි ප්‍රතිකාර කර එය සුව කරගත යුතුය.

ඇදුම රෝගයට ප්‍රතිකාර

ඇදුම රෝගය සඳහා අසාත්මිකතාවය ඉතා ප්‍රබල ලෙස බලපායි. එනිසා සීතල ජලය, සීතල ආහාර වර්ග සීතල පරිසරය ඉතා ඉක්මනින් ඇදුම රෝගීන්ට අසාත්මික වේ. එසේම විවිධ ආහාර වර්ග ද අසාත්මික විය හැකිය. විශේෂයෙන් සාඩින් වර්ග, තක්කාලි, ඇඹුල් කෙසෙල් ආනමාලු, කොමඩු, තැඹිලි වතුර, බල මාළු ආදිය ඉන් කිහිපයකි. එසේම දුහුවිල්ල, පවුඩර් වර්ග දුම් වර්ග ද ඇදුම රෝගය උත්සන්න කරවන සාධක වේ. පින්නේ යෑම, රාත්‍රියට නෑම, නිදිවැරීම අලුයම අවදිවීම මගින් ද ඇදුම රෝගය උත්සන්න වේ.

මේ සියල්ල අසාත්මික වීම වළක්වා පෙනහලු හොඳින් ක්‍රියාකිරීමට අවශ්‍ය පරිසරය ඇතිකිරිම හෙවත් පෙනහලු පිරිසිදු කිරිම මගින් ඇදුම රෝගය සුවපත් කළ හැකිය. ඒ සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේදී රස ඖෂධ වර්ග, විශේෂ වට්ටෝරුවලට සකස් කළ ඖෂධ වර්ග ආදිය මගින් රුධිරය පිරිසිදු කර, පෙනහලු ක්‍රියාකාරිත්වය වැඩි කරනු ලබයි.

එහිදී දින 16 බෙහෙත් වාර 1 ත් 8 ත් අතර ප්‍රමාණයක් ලබාදීම මගින් ඇදුම රෝගය සුවපත් කළ හැකිය. ඒ අනුව මාස 03 ක් 04 ක් පමණ කෙටි කාලයකදී ඇදුම රෝගය සුවපත් කිරිමට හැකි ඖෂධ, දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය තුළ පවතී. ඇදුම රෝගය සුවපත් කිරීමේදී වෙනත් රෝග මතුවේ යැයි ඇතැම් දෙනා තුළ බියක් පවතී. එනම් රක්තයා මතුවේ යැයි පවසති. එසේ වන්නේ නිසි ලෙස ඇදුම රෝගයට ප්‍රතිකාර නොකළ විටදී ය.

ඇදුම රෝගය නිසා සිරුරේ මතුව ඇති රුධිරය අපිරිසිදු වීම, ගැස්ට්‍රයිටීස් රෝගය නිසා ආහාර නිසි ලෙස දිරවීම සිදු නොවීමෙන් මතුව ඇති ආම විෂ නැති කිරීම ආදිය ද ප්‍රතිකාර මගින් සුවපත් කළ යුතුය. මේ සියලු ප්‍රතිකාර මගින් සිරුර පිරිසිදු වේ. එවිට ඇදුම රෝගය සුවපත් කිරීම නිසා වෙනත් රෝග මතුවීමක් ද සිදු නොවේ.

වැඩිදුර තොරතුරු දුරකථන අංක 0778985757 අමතා ලබාගත හැකිය.

ඇදුම රෝගය සුවකිරීමෙන් වෙනත් රෝග මතුවීමට හේතු

ආයුර්වේද, පාරම්පරික, දේශීය, සර්වාංග, රස වෛද්‍ය ආචාර්ය
වෛද්‍ය වජිරජීව සරත් කුමාර
ජීව බල වෙදමැඳුර අංක 46/2/4,නැඟෙනහිර මාවත, කිරිල්ලවල, කඩවත

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment