හිල්ටන්ට දේශීය ලංසුවක්

284

ආණ්ඩුව විසින් විකිණීමට සූදානම් වන සියලුම රාජ්‍ය ආයතන මිලදී ගැනීමට දේශීය මහජන සමාගමක් ශ්‍රී ලංකාකික පිරිසක් විසින් පිහිටුවා තිබේ.

එහි සහභාගිත්වය කාන්තාවක විසින් හොබවන අතර එම සමාගම ට්‍රෙෂරි රිබිල්ඩින් ගාර්ඩියන් ලිමිටඩ් (ටී.ආර්.ජී.එල්.) ලෙස නම් කර ඇත.

ආණ්ඩුව විසින් විකිණීමට ඉදිරිපත් කර ඇති කොළඹ හිල්ටන් හෝටලයටද මෙම සමාගම ලංසු ඉදිරිපත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය. විකුණනු ලබන රාජ්‍ය දේපළ මිලදී ගැනීම සඳහා මෙම සමාගම එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඩොලර් බිලියන 01ක ණය ආධාර මුදලක්ද මේ වනවිටත් ලබාගෙන ඇත.

ඒ අනුව ආණ්ඩුව විසින් විකිණීමට තීරණය කර ඇති ශ්‍රී ලන්කන් එයාර්ලයින්, ටෙලිකොම් ඇතුළු සියලුම රාජ්‍ය ආයතන මිලදී ගැනීමට මෙම ආයතනය ලංසු ඉදිරිපත් කිරීමට ද තීරණය කර තිබේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment