අවුරුදු කේක් නිෂ්පාදනය 50%කින් පහළට

127

මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සමයේ කේක් නිෂ්පාදනය සියයට පනහක ප්‍රමාණයකින් පහත බසින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ ලේකම් එන්. කේ. ජයවර්ධන මහතා පැවැසීය.

මෙවර වැඩි ප්‍රමාණයක් කේක් නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රධාන පෙළේ බේකරි යැයි කී හෙතෙම කුඩා ප්‍රමාණයේ බේකරිවලින් කේක් නිෂ්පාදනය බොහෝදුරට අඩු වී ඇති බැව්ද කීය.

කේක් නිෂ්පාදනය අඩුකිරීමට හේතුව රටේ පවතින ආර්ථික ගැටලු යැයිද ජයවර්ධන මහතා සඳහන් කළේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment