ටයිම් මාධ්‍යවේදීන් රැසක් ගෙදර යවති

සියදිවි නසා ගැනීම් තුන් ගුණයකින් ඉහළ යයි.

රැකියාව අහිමි වීම බෝ නොවන රෝග වැඩිවීමට හේතුවකි. එමෙන්ම සියදිවි නසාගැනීම් වැඩිවීමට ද එය හේතු වී තිබෙයි. රැකියාව අහිමි වී මාස 15 – 18 ක් අතර කාලයේදී කෙනකු රෝගීවූ මේ ඉඩ 83% න් ඉහළ යන බව සොයාගෙන තිබෙයි.

සියක් වසකට වැඩි කාලයක් කිරුළු දරන රක්ත වර්ණ රාමුවකින් කවරය සරසන TIMES ටයිම් සඟරාව පාඨක ලොවින් සමුගැනීමේ පෙර නිමිති පහළ වෙලාද? එසේ සිතන්නේ කර්තෘ මණ්ඩල සාමාජිකයනගෙන් සියයට පහළොවකගේම රැකියා මේ වන විට අහිමි කර ඇති බැවිනි. මේ පුවත CNN සීඑන්එන් මගින් වාර්තා කර තිබුණේ ජනවාරි 23 වැනි දින ය. මේ සියලු සේවකයන් වෘත්තීය සමිති සේවකයන් ය.

ටයිම්ස් සඟරාවේ ප්‍රධාන විධායක නිලධාරිනිය වූ ජෙසිකා සිබ්ලේ පැවසුවේ මේ තීරණය සැහැල්ලුවෙන් භාරගත නො හැක්කක් බව ය. සියයට පහළොවකට රැකියාව අහිමි කිරීම සමාගමේ ආකෘතියට එහි දිගුකාලීන තිරසාර බවට සහ වර්ධනයට බලපාන බවය. වැඩි ආදායමක් ලබා ගැනීමේ අරමුණින් මෙසේ කළ ද ව්‍යාපාරයේ සාර්ථක්වය වෙනුවෙන් තීරණ ගත යුත්තේ සේවකයන්ට අවම බලපෑමක් වන ලෙසින් බව ඇය කියා සිටින්නී ය.

ද ලොස් ඇන්ජලීස් දිනපතා පුවත්පතේ සියයට විස්සකට යන්න කියලා

ලෝකයේම පුවත්පත් මරණ මංචකයේ ?

ටයිම්ස් සේවක කප්පාදුව වාර්තා වුණේ වසර 142ක ඉතිහාසයකට හිමිකම් කියන Los Angeles Times ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පතේ සියයට විස්සක සේවක කප්පාදුවක් සිදුවූ පුවත වාර්තාවූ දිනයේදීම ය. ආයතනය මුහුණ පා ඇති ආර්ථික දුෂ්කරතාවන් නිසා මේ කප්පාදුව සිදුවී ඇති අතර අඩු වශයෙන් මාධ්‍යවේදීන් 115 කට පමණවත් රැකියාව අහිමි වී තිබෙයි. ඒ පුවත්පතේ ව්‍යාපාර සහ ක්‍රීඩා අංශයේ කිම්බි්‍රල් කේලි පවසන්නේ පසුගිය දෙවසරක කාලයේ ආයතනයේ කිසිදු පුරප්පාඩුවක් පූර්ණය නොවුණ ද සිටින සේවකයන් ද කප්පාදු වන බව ය.

පුවත්පතේ හිමිකරු වන ජීව තාක්ෂණික බිලියනපතියකු වූ පැටි්‍රක් සූන් ෂියොං මේ සේවක කප්පාදුව ගැන කිසිදු අදහසක් පළකර නොතිබුණ ද කප්පාදුවක් අත්‍යවශ්‍ය බව මාධ්‍ය වාර්තාකරුවකුට පවසා තිබුණේ වසරක් ගණනේ පුවත්පත ඩොලර් මිලියන 30 – 40 ක පාඩුවක් ලබන බව සඳහන් කරමිනි. අනාගත පරපුර වෙනුවෙන් පුවත්පත පවත්වා ගෙන යෑමට නම් වේදනාකාරී වුවත් කප්පාදුවක් නොකර බැරි බව වැඩිදුරටත් ඔහු මාධ්‍ය වාර්තාකරුට කියා ඇත. පුවත්පතට ලැබෙන දැන්වීම් ගණන අඩුවෙද්දී පාඨකයන් පුවත්පත් මිලදී ගැනීම අවම කරද්දී තාක්ෂණික පෙරළිය අභියෝගයක් වෙද්දී පුවත්පත ගලායන ගං වතුරෙන් උඩට ගැනීමට වෙරදැරූ ආයනයක් ලෙස ලොස් ඇන්ජලීස් ටයිම්ස් ප්‍රකට ය. රැකියා කප්පාදුවට එරෙහිව එක් දින එළිමහන් විරෝධතාවක් ද පවත්වා ඇත.

ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත ඇමෙරිකාවේ දිනපතා පුවත්පතක් වන අතර 40 වරකට වඩා පුලිට්සර් සම්මානයයෙන් පිදුම් ලද එරට හය වැනි තැනට වැඩිපුර අලෙවි වන පුවත්පත වෙයි.

වොෂිංටන් පෝස්ට් / Washington Post සේවකයන්ටත් රතු එළියක්

පසුගිය ඔක්තෝබරයේ පාලන අධිකාරිය ඇමෙරිකානු දිනපතා පුවත්පතක් වන වොෂිංටන් පෝස්ට් පුවත්පත් කාර්ය මණ්ඩලයට ද රැකියාව පිළිබඳ රතු එළිය දැල්වී ය. එසේ රතු එළියක් පෙන්වා අනතුරු ඇඟවූයේ 2023 ජනවාරි මාසයේ මාධ්‍යවේදීන් විසි දෙනකුට රැකියාව අහිමි කරමිනි. එසේ කර තිබෙන්නේ නොපිරුණු පුරප්පාඩු 30 ක් තිබියදී ය.

වොෂිංටන් පෝස්ට් වාර්තා පොතට එක්වන්නේ පුවත්පත් ලෝකයේ දෙවැනියට වැඩිම පුලිට්සර් සම්මානය දිනා ගත් දිනපතා පුවත්පත ලෙසට ය. ඊට පුලිට්සර් සම්මාන 65 ක් හිමිව තිබෙයි. ද නිව්යෝර්ක් ටයිම්ස් / The New York Times සහ ද වෝල් ස්ට්‍රීට් ජර්නල් /The Wall Street Journal ට සමගාමීව ඇමෙරිකාවේ දැවැන්ත ලෙස අලෙවි වන වොෂිංටන් පෝස්ට් මේ ඛේදවාචකයට මුහුණ පා ඇත්තේ පුවත්පතට ලැබෙන දැන්වීම් හිඟතාවය හේතුවෙනි.

2023 වසරේදී ඇමෙරිකානු මාධ්‍යවේදීන් 43000කට පමණ රැකියා අහිමි වී ඇති බව වාර්තා වෙයි. දශක දෙකක කාලයකදී ජනප්‍රියම පුවත්පත් 3000 ක් මුද්‍රණය කිරීම නවතා දමා ඇති අතර ලබන වසර වන විට එරට පුවත්පත් 6000 ක් පමණ ශේෂ විය හැකි බවට අනුමාන කෙරෙයි. මින් වැඩි ප්‍රමාණයක් දිනපතා පුවත්පත් ය. කොවිඩ් සමග දැන්වීම් වෙළෙඳපොළ කඩා වැටීම මීට ප්‍රධාන හේතුව වී තිබෙයි. අල්ජසීරා මාධ්‍ය දක්වා තිබුණේ 2023 ජුනි මාසය වන විට මාධ්‍යවේදීන් 17,436කට රැකියා අහිමිවූ බවට ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇති බවය. එය චැලෙන්ජර් ග්‍රේ ඇන්ඩ් ක්‍රිස්මස් වාර්තාව (Challenger” Gray & Christmas) ට අනුව මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගයයි.

මාධ්‍ය ආයතන පමණක් නොව ලොව සමාගම්වලින් 32% ක්ම පසුගිය වසරේදී සේවකයන්ට රැකියා අහිමි කරන ලදී. සියල්ලටම මුල පිරුණේ කොවිඩ් – 19 වසංගතයෙන් අනතුරුව ය. නිවෙසේ සිට සේවය කිරීම ඇරැඹුණු අතර එය වාසිදායක බව බොහෝ සමාගම් හිමියෝ වටහා ගත් හ. උද්ධමනය, ආර්ථික අවපාතය ගෝලීය ගැටලුවක් බවට පත් විය. මෑතක සිට කෘත්‍රිම බුද්ධිය රජ කිරීම මානව රැකියාවන්ට දැවැන්ත තර්ජනයක් වී ඇත. තාක්ෂණික මෙවලම් ස්ථානගතවී මිනිස් සේවකයන් අස්ථානගත වෙමින් සිටියි. සේවක කප්පාදුව මේ සියල්ලේ ම අමිහිරි පලයයි. අනාගතයේදී සේවක කප්පාදුව ප්‍රධාන මාධ්‍ය සිරස්තල මවනු ඇත.

අන්තර්ජාලයෙනි
චම්පිකා දීපානි රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment