මාක් සකර්බර්ග් දැරූ තනතුරකට ජීවන් තොණ්ඩමන්

397

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර කේන්ද්‍ර කරගත් ලෝක ආර්ථික සංසදයේ තරුණ ගෝලීය නායකයකු ලෙස ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පත් කරගෙන තිබේ.

එම තනතුර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්, නවසීලන්ත අගමැතිනි ජසින්තා අර්ඩීන්, අලි බබා නිර්මාතෘ ජැක් මා, ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් වැනි ලෝ ප්‍රකට අය විසින් හිමි කරගත් තනතුරක් වන අතර වයස අවුරුදු 40 තෙක් එම තනතුර දැරීමේ හැකියාව තිබේ. මෙරට ඉතිහාසයේ දේශපාලනඥයකු එම තනතුර සඳහා පත්වූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්වේ.

තරුණ ගෝලීය නායක ප්‍රජාව යනු ගෝලීය වශයෙන් අනාගතය හැඩගැස්වීම සඳහා කැපවීමක් දරන සුවිශේෂී නායකයන් දහසකට අධික සංඛ්‍යාවකින් යුත් බහු පාර්ශ්වීය ප්‍රජාවකි. ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා එම තනතුරට පත් කරගෙන ඇත්තේ ඔහුගේ දැක්ම, නායකත්ව ගුණාංග සහ සමානාත්මතාවය හා තිරසර භාවය වෙනුවෙන් ඔහු දරන කැපවීම සහ වෙහෙස වීම වෙනුවෙන් බව සඳහන්ය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment