බොරතෙල් ගේන්න සල්ලි නැතිනම් පිරිපහදු කළ තෙල් ගෙන්වන්නේ කොහොමද? සජිත් අසයි

138

විවිධ භාණ්ඩ සඳහා ඇති වී තිබෙන පෝලිම් පිළිබඳවත් ඉන්ධන ලබාගැනීමට ද පෝලිම් ඇතිවීමටත් හේතුව කුමක්දැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (16දා) පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය. ඊට පිළිතුරු දුන් මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා රට තුළ ප‍්‍රමාණවත් පරිදි ඉන්ධන ඇතැයි කියා සිටියේය.

එහිදී ඇති වූ කතාබහ මෙසේය.

සජිත් පේ‍්‍රමදාස මහතා – සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසීමත් සම`ග විශාල වශයෙන් තෙල් පෝලිම් ඇති වෙලා. බොරතෙල් ගෙන්වන්නට ඩොලර් නෑ කියලා තමයි මේ තෙල් පිරිපහදුව වහලා තිබෙන්නේ. පෙට‍්‍රල්, ඞීසල්, දැවිතෙල්, ගුවන්යානා ඉන්ධන ආදිය මෙහි නිෂ්පාදනය කරනවා. බොරතෙල් ගෙන්වන්න හෝ ඞීසල් සහ පිරිපහදු තෙල් ගෙන්වන්න ඩොලර් තිබෙනවාද?

පිරිපහදු තෙල් ගෙන්වන්නේ හදිසි තීරණ අනුවයි. එහිදී මූල්‍ය අක‍්‍රමිකතා වෙනවා. බොරතෙල් ගේන්න ඩොලර් නැත්නම් මෙහෙම පිරිපහදු තෙල් ගේන්න ඩොලර් කොහෙන්ද? අද අනෙක් පෝලිම්වලට අමතරව ඉන්ධන පෝලිම් තිබෙනවා.

ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා -බොරතෙල්වල කිසිම හි`ගතාවයක් නෑ. යම් කණ්ඩායම් ජනතාව අපහසුතාවයට පත් කරනවා. ඇති වෙන්න තෙල් තිබෙනවා. හදිසිවෙලා කලබල වෙලා තෙල් ගන්න යන්න එපා. තෙල් ඇති වෙන්න මේ රජය ලබාදෙනවා.

සජිත් පේ‍්‍රමදාස මහතා -අගමැතිතුමාට මේ මාතෘකාව තේරෙනවා. මම අගමැතිතුමාගෙන් අහනවා බොරතෙල් ගේන්න ඩොලර් නැත්නම් පිරිපහදු කළ තෙල් ගෙන්වන්න ඩොලර් කොහෙන්ද මේක කුමන්ත‍්‍රණයක්. තෙල් පිරිපහදුව වැසීම කුමන්ත‍්‍රණයක් මේ ගැන හොයන්න.

ඇමැති වාසුදේව නානායක්කාර මහතා – බලශක්ති ඇමැතිතුමා මේ ගැන පැහැදිලි ප‍්‍රකාශයක් කරලා තිබෙනවා. බොරතෙල් ගේන්න සල්ලි නැතිවුණත් කොහොමද පිරිපහදු කළ ඉන්ධන ගෙන්වන්නේ කියලා අයිලන්ඞ් පත‍්‍රය කියවන්න.

අකිත පෙරේරා – රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment