උසස් අධ්‍යාපනයට දෙන පොලී නැති ණය ගැසට් එක මග හිටී

220

උසස් අධ්‍යාපනය සඳහා උපාධි පාඨමාලා හැදෑරීමට රජය ක්‍රියාත්මක කරන පොලී රහිත ණය යෝජනා ක්‍රමයේ 2021/2022 කණ්ඩායම සඳහා ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් වී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ ඒ පිළිබඳ අදාළ යෝජනාව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවය. එසේම මුදල් ප්‍රතිපාදන පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ගය දැනට සාකච්ඡා කර ඇති බවත් එය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වන බවත් අගමැතිවරයා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ කෙටි කාලයක් තමා අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ කාලයේ දී ද පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවකට මේ පහසුකම ලබාදුන් බවත් පවසන අගමැතිවරයා පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් එම අවස්ථාව ලැබෙන ලෙස අදාළ පහසුකම සලසා දීමට මූල්‍ය ක්‍රමයේ තිබෙන ගැටලු විසඳා ගනිමින් කටයුතු කරන බවත් පවසයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment