රිලවුන් චීනෙට යවන්න ගොවි සංවිධානවල සහාය

369


වගාවන්ට විශාල වශයෙන් හානි කරවන රිළවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගනු ලබන කවර පියවරකට වුවත් තමන්ගේ උපරිම සහයෝගය පළ කරන බව සියලු‍ම දිස්ත්‍රික් ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
චීනයේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් 100,000ක් ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම පරිදි මේ වනවිට ඇතැම් පරිසර සංවිධාන හා විවිධ පුද්ගලයින් විසින් නොයෙකුත් විවේචන එල්ල කළත් තම වගාබිම්වලට රිළවුන් ඇතුළු අනෙකුත් සතුන් විසින් සිදු කරන හානිය සඳහා විරෝධය පළ කරන කිසිදු පුද්ගලයෙක් හෝ සංවිධානයක් තම ගැටළුවලට විසඳුම් ලබා දී නැති බවත් ගොවි සංවිධාන පවසයි.
චීනය විසින් රිළවුන් සත්වෝද්‍යානවලට ලබා දෙන ලෙස ඉල්ලීමක් කළ ද ඒ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයට බලයක් නැති බැවින් එ සදහා වනජීවි දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මත කටයුතු කිරීමට තීරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment