ලාෆ් ගෑස් අවුල ලිහන්න බන්දුල ඇඟිලි ගනියි

470

ගෘහස්ත ලාෆ් ගෑස් නොමැති වීමෙන් එම පාරිභෝගික ජනතාව මුහුණදී සිටින ගැටලූවට කඩිනමින් විසඳුමක් ලබාදෙන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත

 අලගියවන්න මහතා පැවසීය.

 ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගොස් ඇතත් මෙරට ගෘහස්ත ගෑස් මිල වැඩි නොකිරීමට රජය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබීමෙන් ලාෆ් ගෑස් සැපයීම එම සමාගම විසින් අත්හිටුවීම එම ගෑස් හිඟයට හේතුවී ඇත.

 මේ සම්බන්ධව සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබාදෙන බව ඇමැතිවරයා සඳහන් කළේය. ගෑස් පාරිභෝගිකයන්ගෙන් 20% ක් පමණ ලාෆ් ගෑස්

 පාරිභෝගිකයෝය. එම ගෑස් හිඟය නිසා ඔවුහු අපහසුතාවට පත්ව සිටිති.

 අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment