වෙලේ සුදාගේ නෑනා අවුරුදු 5ක් හිරගෙට

889

එක්කෝටි තිස්නව ලක්‍ෂයක් ගිණුමට ආ හැටි රහසක්

ලැබුණ ආකාරය අනාවරණය කළ නොහැකි රුපියල් එක්කෝටි තිස්නව ලක්‍ෂ හැටඅට දහසකට අධික මුදලක් සිය ගිණුමේ ගිණුම්ගත කර තැබීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැඟෙන වැරදි සිදුකිරීමේ චෝදනාවට වරද පිළිගත් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා හෙවත් ගම්පල විතානගේ සමන්ත කුමාර නමැත්තාගේ බිරිඳගේ සහෝදරියකට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා (27 දා) බරපතළ වැඩසහිත වසර පහක සිරදඬුවම් නියම කළේය.

පිළිදූව බෝගහවත්තගේ චන්දිමා දිල්හානි නමැත්තියට එලෙස සිරදඬුවම් නියම කෙරිණි. 2010.12.01 හා 2014.05.01 කාලය අතරතුර දී නුගේගොඩ දී එලෙස උපයාගත් ආකාරය හෝ ලැබුණ ආකාරය අනාවරණය කළ නොහැකි මුදලක් ගිණුම්ගත කර ගැනීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී සිය සේවාදායිකාව වරද පිළිගැනීමට සූදානම් බවත් එබැවින් අත්හිටවූ සිරදඬුවම් නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයට ප්‍රකාශ කළේය. අධිකරණය විසින් නියම කළ එම දණ්ඩන නියෝගය මහාධිකරණ භාෂා පරිවර්තක සුලෙයිමාන් මොහොමඩ් යාසිර් මහතා කියවා දුන් අතර රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා පැමිණිල්ල මෙහෙය විය. එලෙස ගිණුම්ගත කර තිබූ මුදල් මේ වනවිට ගිණුමෙන් ඉවත් කරගෙන ඇති බව ද අධිකරණයේ දී අනාවරණය වී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment