මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් 1990 සුවසැරිය පදනමේ සභාපති දුමින්ද්‍ර රත්නායක වෙත අනුග්‍රහකත්වය පිරිනැමූ අයුරු. මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා සහ සුවසැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරි සොහාන් ද සිල්වා යන මහත්වරුන්ද ඡායාරූපයේ වෙති.

මහජන බැංකුව, ‘1990 සුව සැරිය’ ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට අනුග්‍රාහක දායකත්වයක් පිරිනමයි. ඒ අනුව වසරක් පුරා සුව සැරිය ගිලන් රථයක් නඩත්තු කිරිමට අවශ්‍ය මූල්‍ය ද යකත්වය එම පදනම වෙත ලබා දීමට මහජන බැංකුව කටයුතු කරයිග

ශ්‍රී ලංකාව තුළ හදිසි වෛද්‍යාධාර සහාය පිරිනැමීමේ අරමුණින් 2016 වසරේදී ‘1990 සුව සැරිය’ සේවාව දියත් කළ අතර, එමඟින් දිවයින පුරාම අත්‍යවශ්‍ය හදිසි වෛද්‍යාධාර සහය නොමිලේ ලබාදෙයි. ශ්‍රී ලාංකික ජනතාවගේ යහපැවැත්ම සාක්ෂාත් කරලීම උදෙසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහය දැක්වීමේ තවත් එක් පියවරක් වශයෙන්, මහජන බැංකුව සිය ‘මහජන මෙහෙවර’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ මෙම අනුග්‍රාහකත්වය පිරිනැමිය.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් විවිධාකාර අන්දමින් සහය දැක්වීම සඳහා මහජන බැංකුව දරන උත්සාහයේ එක් සුවිශේෂී පියවරක් ලෙස මෙම අනුග්‍රාහකත්වය හැඳින්විය හැකියි. ජාතික අභිලාෂයන්ගේ යුත් මූල්‍ය ආයතනයක් ලෙස, හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය අවස්ථාවලදී එවැනි සහායක් නොමිලේ ලබාදිමේ වැදගත්කම අපි මනාව අවබෝධ කරගෙන සිටිනවා. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම එකසේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා අප මෙවන් පරිත්‍යාගයක් කිරිමට පියවර ගත්තේ ඒ නිසයි.’

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘මෙරට පොදු මහජනතාවගේ ජීවන මට්ටම උසස් කිරිම වෙනුවෙන් මහජන බැංකුව හුදෙක් බැංකුකරණයෙන් ඔබ්බට ගිය සුවිශේෂ කාර්යභාරයක නියැලෙමින් සිටිනවා. අපි ‘මහජන මෙහෙවර’ සමාජ සත්කාරක වැඩසටහන දියත් කරන්නේත්, දීර්ඝ කාලීන වශයෙන් සමාජයට යහපත් බලපෑමක් එල්ල වන ආයතනික සමාජ ක්‍රියාකාරකම් වල නියැලිමේ අරමුණින්. සුවසැරිය ගිලන් රථ සේවාව වෙනුවෙන් මහජන බැංකුව මෙලෙස දක්වන අනුග්‍රහය ඔස්සේ මෙරට සෞඛ්‍ය සේවාව නගා සිටුවීම සඳහා වන අපගේ කැපවීම මනාව පිළිබිබු වනවා.’

advertistmentadvertistment
advertistmentadvertistment