පුදූර් සෝමස්කන්ද පාසලේ අංගුලිමාල පරපුරේ ගුරුවරියක්

858

දැරියකගේ ඇඟිලි දෙකක් තලලා

යාපනයේ කුඩා පාසල් ශිෂ්‍යාවකගේ ඇඟිලි තැලෙන ලෙස ගුරුවරියක් පහර දීම නිසා එම සිසුවියගේ ඇඟිල්ලක නිය පොත්තක් යාපනය ශික්ෂණ රෝහලේ දී ගලවා ඉවත් කිරීමට සිදුව තිබේ.

යාපනයේ, කෝපායී, පුදූර් සෝමස්කන්ද පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුවියකට එම පාසලේ ගුරුවරියක් පහරදීම නිසා එම සිසුවියගේ ඇඟිලි දෙකකට හානි සිදුව තිබේ.

ඉන් එක් ඇඟිල්ලක නියපොත්තක් විනාශ වීම නිසා වෛද්‍යවරුන්ට එම නියපොත්ත ගලවා ඉවත් කිරීමට සිදුවුණි. මේ සිද්ධිය පිළිබඳ යාපනයේ අධ්‍යාපන බලධාරීන්ට හෝ වෙනත් ආයතනයකට මේ දක්වා කිසිදු පමිණිල්ලක් ලැබී නොමැති බව මේ පිළිබඳ කළ සොයා බැලීමක දී හෙළි වුණි.

නිය පොත්ත අහිමි වූ පාසල් සිසුවිය ඉතා අසරණ හා දිළිඳු පවුලක අයකු බවත් ඇය වෙනුවෙන් මේ දක්වා කිසිවෙකුත් පෙනී සිට සාධාරණයක් ඉටු කිරීමට මැදිහත් නොවුණු බවත් වාර්තාවේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment