දුරකථන භාවිතය පහළ යයි

498

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ භාවිතා කරනු ලබන ස්ථාවර හා ජංගම දුරකථන සංඛ්‍යාව ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස හයේ දී පිළිවෙළින් සියයට 19.4කින් හා සියයට 5.3කින් පහත වැටී ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වෙයි.

එමෙන්ම ජංගම අන්තර්ජාල සම්බන්ධතා ඇතුළු අන්තර්ජාල ග්‍රාහකයින් සංඛ්‍යාව 2023 වර්ෂයේ පළමු මාස හයේ දී මිලියන 21.9 දක්වා සියයට 1.0 කින් පහත වැටී ඇති බව ද මෙකී වාර්තාවේ සඳහන් වෙයි. 2022 වර්ෂයේ පළමු භාගයේ දී මෙරට පුද්ගලයින් 100කට ජංගම දුරකථන හා වෙනත් දුරකථන 146.9ක් පැවැති අතර 2023 වර්ෂයේ දී මෙම කාලසිමාවේ දී පුද්ගලයින් 100කට ඇති ජංගම හා වෙනත් දුරකථන සංඛ්‍යාව 137 දක්වා සියයට 6.8කින් අඩුවී ඇත. ජංගම දුරකථන ඇතුළු උපකරණ සඳහා වැට් බදු පැනවීමත් සමග මේ වන විට ජංගම දුරකථනයක මිල රුපියල් 15000කින් පමණ වැඩි වී ඇති බව ද පාරිභෝගිකයෝ පවසති.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment