අධිවේගී දුම්රියක් අද සිට අනුරපුරෙන්

7204

අනුරාධපුර සිට ඕමන්ත දක්වා ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය මාර්ගය ධාවනය සඳහා අද දිනයේ නිල වශයෙන් විවෘත කෙරෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

එම දුම්රිය මාර්ගයේ පැයට කිලෝමීටර් 100කින් දුම්රිය ධාවනය කරවීමේ හැකියාව තිබෙන බවද වාර්තා වෙයි.

එසේම කොළඹ සිට කන්කසන්තුරය දක්වා වායුසමනය කරන ලද සුඛෝපභෝගී මැදිරි සහිත දුම්රියක් එහිදී ධාවනය කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment