අද සිට එළකිරි ගෙදරටම

292

පාසල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි උදෑසන හා හවස් කාලය තුළ සැපයීමේ වැඩපිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් අද (11දා) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

මෙම වැඩපිළිවෙලේ සමාරම්භක අවස්ථාව අද පෙරවරු 10.00ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment