ඔලිම්පික් පදක්කම මගේ ප්‍රාර්ථනාවයි – අම්මා, තාත්තා, මාස්ටර් මට ගොඩක් උදව් කළා

418

මේ පදක්කම අයිති මගේ රටටයි

නෙත්මි අහිංසා සතුට කඳුලු මැද කියයි

ඔලිම්පික් පදක්කම මගේ ප්‍රාර්ථනාවයි - අම්මා, තාත්තා, මාස්ටර් මට ගොඩක් උදව් කළා

එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී කිලෝ ග්‍රෑම් 57 බර පන්තිය යටතේ මල්ලවපොර ක්‍රීඩාව සඳහා තරග වැදී ලෝකඩ පදක්කම දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකා නෙත්මි අහිංසා පෝරුතොට ඊයේ (8 දා) අලුයම දිවයිනට පැමිණියා ය.

ඔලිම්පික් පදක්කම මගේ ප්‍රාර්ථනාවයි - අම්මා, තාත්තා, මාස්ටර් මට ගොඩක් උදව් කළා

ඇය කටුනායක ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ලක් කළ අතර එම අවස්ථාවට ඇයගේ පියා, මව, නැඟණිය ඇතුළු පවුලේ ඥාති මිත්‍රාදීන් ද ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය ඇතුළු එම අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රීඩා සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ.

ඔලිම්පික් පදක්කම මගේ ප්‍රාර්ථනාවයි - අම්මා, තාත්තා, මාස්ටර් මට ගොඩක් උදව් කළා

මව්බිමට පැමිණි නෙත්මි අහිංසා ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, මල්ලවපොර ඉතිහාසය වෙනස් කරමින් ශ්‍රී ලංකාවට පළමු වතාවට පදක්කමක් ගෙන ඒමට හැකි වීම පිළිබඳව තමන් සතුටු වන බව ය.

ඔලිම්පික් පදක්කම මගේ ප්‍රාර්ථනාවයි - අම්මා, තාත්තා, මාස්ටර් මට ගොඩක් උදව් කළා

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද පැවසීය.

“ලංකාවේ මේ පවතින තත්ත්වයත් එක්ක ලංකාවට පදක්කමක් අරගෙන කීර්තියක් අත්කර දුන්න එක ගැන මට සතුටුයි. මට හැබැයි රන් පදක්කම ගන්න බැරි වුණා. ඒ හැම දුර්වලතාවයක්ම හදාගෙන ඊළඟ පාර තියෙන්නේ ඔලිම්පික්. මම ඔලිම්පික් යන්නනම් රෑන්කින් සීනියර් මීට් ගොඩක් අල්ලන්න තියෙනවා. ඒ හැම එකක්ම නියෝජනය කරලා. ඔලිම්පික්වලට කොලිෆයි වෙන්න මම සූදානම් වෙනවා. මගේ පුහුණුකාරතුමාත් සමග. ඔලිම්පික්වලින් පදක්කමක් ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. මේ තැනට එන්න ගොඩක් උදව් කළා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවෙන්. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. මගේ තාත්තා පෙදරේරුවෙක්. ඒත් මොන ආර්ථික අපහසුතා තිබුණාත් මම ඉල්ලන හැමදෙයක්ම මට ගෙනත් දුන්නා. අම්මයි තාත්තායි මට පුළුවන් විදිහට කන්න දුන්නා. ඇත්තටම ඒ දෙන්නා ලොකු ශක්තියක් වුණා. මගේ මාස්ටර් ඒ දෙන්නට බැරි දේවල් මට දුන්නා. ඇත්තට ම මේ පදක්කම මට නෙමෙයි අයිති වෙන්න ඕනේ එයාලටයි, මගේ රටටයි. ඒ වගේම පදක්කමේ සම්පූර්ණ අයිතිය මේ රටට.

මේ අතර නෙත්මි අහිංසා ක්‍රීඩිකාව පිළිගැනීමේ උත්සවයක් ඇය උපන්ගම වන දංකොටුව මැල්ලව ප්‍රදේශයේදී ඊයේ (08දා) පැවැත්විණි. මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලබාදී ඇති විශේෂ රථයක් ඇතුළු රථ පෙරහැරකින් ඇය උපන් ප්‍රදේශයට කැඳවාගෙන එනු ලැබුවාය. නෑදෑ හිත මිතුරන් සහ ප්‍රදේශවාසීන් විසින් ඇයව උණුසුම් අයුරින් මල්මාලා පළඳවා පිළිගැනීමෙන් අනතුරුව දංකොටුව – සිංගක්කුලිය අයියනායක දේවාලයේදී ආගමික වතාවත් සිදුකර ආශිර්වාද ලබාගැනීමෙන් පසු ප්‍රදේශ රැසකදී සංවිධානය කළ පිළිගැනීමේ උත්සව රැසකට සහභාගි වූවාය.

ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල, සඳලංකාව – ධම්මික රාජපක්ෂ
 

advertistmentadvertistment
advertistmentadvertistment