මත්ද්‍රව්‍යය ළමා පරපුරට බලපා ඇති ආකාරය ගැන 225 දෙනාටම වැඩමුළුවක් තියලා පැහැදිලි කරන්න

35

පාසල් ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී විපක්‍ෂ නායක කියයි

අපේ රටේ පාසල් ළමුන් අතර මත්ද්‍රව්‍ය, මත්පැන් භාවිතය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බවත්, එය විසඳීමේ විශාල වගකීමක් පාර්ලිමේන්තුවට ඇති බවත් මේ සම්බන්ධයෙන් 225 දෙනා දැනුවත් කිරීමට මත්ද්‍රව්‍ය විරෝධී සංවිධාන විසින් වැඩමුළුවක් පවත්වන ලෙසත්, මීට අමතරව ළමා හා කාන්තා අයිතිවාසිකම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කිරීමට ද යෝග්‍ය බව විපක්‍ෂ නාායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙය සංකීර්ණ වැදගත් මාතෘකාවක් හෙයින් පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් දැඩි හඬක් අවශ්‍ය බවත් නීති සම්පාදනයේදී වැදගත් හෙයින් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් ගුරු දෙගුරු සමිති පාසල් සංවර්ධන සමිති හා එක්ව පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

ආගමික ස්ථාන, පාසල් හා පෙර පාසල් අසල මත්පැන් අලෙවි සල් පවත්වාගෙ යා යුතු නිශ්චිත දුරක් තිබුණත් මේ වනවිට එම දුර ඉක්මවා ගොස් ඇති බවත් තිස්සමහාරාම දෙබරවැව ජාතික පාසල හා ජනාධිපති විiාලය අසල තැබෑරුමක් තිබෙන බවත් එබැවින් මේ සීමා වහාම වැඩිකළ යුතු බවත් සංචාරක ප්‍රවර්ධනය යැයි කියා බියර් පර්මිට් බෙදා ඇති බවත් ඇතැම් දේශපාලනඥයන් සංචාරක කලාපවලින් පිටත් මෙම බියර් බාර් පර්මිට් ලබා දී ඇති බවත්, මෙයත් වහාම නතර විය යුතු බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියාසිටියේ පාසල් ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය රැස් වූ අවස්ථාවේදී ය.

මේ සභාවට දුම්වැටි, දුම්කොළ හා මත්පැන් සමාගම් ගෙන්වා මුහුණට මුහුණ කතාකර මේ සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගන්නා බවත්, තමන්ට කැමැති නම් පාලනයක් කරගත හැකි බවත් මේ තුළින් යම් භාවිතයේ අඩුකිරීමක් සිදුකළ හැකි බවත් විපක්‍ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බවත්, සිරගෙයත් ඉන් පිටතත් සිදුවන මෙම ජාවාරම් වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත්, යුද ජයග්‍රහණය කළ රටේ මේ මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදය නතර කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් විපක්‍ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment