හිමිනම ඝාතනයට චීවරධාරියකුත් – ගනුදෙනුව කෝටියයි

848

මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ විසූ කලපලුවාවේ ධම්මරතන හිමියන් වෙඩි තබා ඝාතනය කර එම හිමියන් සතුව තිබූ මැණික් ගලක් කොල්ලකෑමේ සිද්ධියට චීවරධාරියකු ද සම්බන්ධ බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

මෙම හිමියන් ඝාතනය කිරීම සඳහා සංවිධානාත්මක කල්ලියට තොරතුරු ලබාදී ඇත්තේ මෙම චීවරධාරියා විසින් බව ද හෙළිවී ඇත.

ධම්මරතන හිමියන්ගෙන් කොල්ලකන ලද මැණික අලෙවි කර ලබා ගන්නා මුදල්වලින් තමන්ට රුපියල් කෝටියක මුදලක් ලබාදෙන ලෙස ද මෙම චීවරධාරියා සංවිධානාත්මක කල්ලියට ප්‍රකාශ කර තිබූ බව අනාවරණය වී ඇත.

එහෙත් ධම්මරතන හිමියන් ඝාතනය කර කොල්ලකන ලද මැණික ව්‍යාජ එකක් බව පසුව හෙළිවී තිබිණි.

පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment