අපි හදන්නේ කුස්සියේ ඉඳලා අහන්න පුළුවන් නාට්‍ය නෙමෙයි – ෆාහීම් මවුජූඩ්

222

තණමල්විල කොල්ලෙක්  මේ තරම් හිට්වෙයි කියලා හිතුවේ නැහැ

මීනුත්  හිට් වුණා

මාණික්කාවත දැවැන්ත නිෂ්පාදනයක්

අපි හදන්නේ කුස්සියේ ඉඳලා අහන්න පුළුවන් නාට්‍ය නෙමෙයි - ෆාහීම් මවුජූඩ්

තිර රචනයක් සහ අධ්‍යක්‍ෂණයක් යථාර්ථයක් බවට පත්වන්නේ නිෂ්පාදකවරයෙක්  මුණගැසුණ විටය. නිෂ්පාදකවරයා නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කිරීමට නම් පැහැදිලිවම ඔහු නිර්ලෝභී විය යුතුමය. මෑත කාලයේ අපේ රටේ ටෙලි නාට්‍ය කලාවටද එවැනි නිර්ලෝභී නිෂ්පාදකවරයෙක් හමුවී ඇත. ආනන්ද අබේනායකයන් අතින් නිමැවුණ තාරා බැද්දේ කුලවමිය, වීරයා ගෙදර ඇවිත්, පීතෘ වගේම සුදත් රෝහණයන් අතින් ප්‍රේක්‍ෂක ඔබට තිළිණ කළ ගිරිකුල සහ මාණික්කාවත ඇතුළු මෑත කාලයේ දැඩි කතාබහට ලක්වූ රොෂාන් රවීන්ද්‍රයන්ගේ කුළුඳුල් අධ්‍යක්‍ෂණයක් වූ තණමල්විල කොල්ලෙක් වැනි නිර්මාණ රැසකට බරපැන දරන්නේත් ඔහුමය. අවරගණයේ ටෙලි නාට්‍ය කලාවට තිත තබමින් මහ පොළව මත ජීවත් වන මිනිසුන්ගේ සැබෑ දිවි පෙවෙත රූප පෙට්ටියට තිළිණ කරමින් ලාභය නොතකා හුදු ආත්ම තෘප්තිය පමණක්ම ලබන්නට උත්සුක වන අද අපේ කථානායකයා වන්නේ ෆාහීම් මවුජූඩ්ය.

අපි හදන්නේ කුස්සියේ ඉඳලා අහන්න පුළුවන් නාට්‍ය නෙමෙයි - ෆාහීම් මවුජූඩ්

● මුලින්ම කිව්වොත් ඔබ ටෙලි නාට්‍ය නිෂ්පාදනයට යොමුවුණේ ඇයි කියලා?

ඒක මගේ විනෝදාංශය. මම හරි ආසයි ටෙලි නාට්‍යවලට.

අපි හදන්නේ කුස්සියේ ඉඳලා අහන්න පුළුවන් නාට්‍ය නෙමෙයි - ෆාහීම් මවුජූඩ්


● නිර්මාණාත්මක ටෙලි නිර්මාණ බිහිකරන්න වැඩි නැඹුරුවක් දක්වනවා නේද?

ඒ ගැන කතා කරන කොට මගේ ඉස්කෝලේ පසුබිමේ ඉඳලා එන්න ඕනෑ. මම පාසල් යන කාලේ ඉඳලා නාට්‍ය සංවිධානය සිදුකරනු ලබනව. මේකත් ඒ කාලේ ඉඳලා ආපු පුරුද්දක් තමයි අද වෙනකොටත් ඉෂ්ඨ කරන්නේ. මගේ මුල්ම ටෙලි නාට්‍ය අමුතු මිනිස්සු. පිටස්තරයා කියන කෘතියෙන් තමයි ඒක නිර්මාණ කළේ. රොෂාන් කුරුප්පු අධ්‍යක්‍ෂණය කළේ. ඊට පස්සේ ගිරිකුල නිර්මාණය කළා. මගේ ආරම්භය සිද්ධ වුණේ ඒ වගේ නිර්මාණයකින් හින්දා ඒක දිගටම ගියා. මම කැමතියි තේරුමක් ඇති කතා නිර්මාණය කරන්න. මම ඒකෙන් අදහස් කරන්නේ නැහැ මෙගා නිර්මාණ හොඳ නැහැ කියලා. මම කවදාවත් මෙගා කරලා නැහැ. හොඳ කතාවක් තියෙන කොටස් 40-50 නිර්මාණ තමයි වැඩිපුර කරන්න කැමති.

අපි හදන්නේ කුස්සියේ ඉඳලා අහන්න පුළුවන් නාට්‍ය නෙමෙයි - ෆාහීම් මවුජූඩ්


● පසුගිය කාලයේ ඔබ නිෂ්පාදනය කළ තණමල්විල කොල්ලෙක් දැඩි කතාබහට ලක්වුණා නේද?

ඇත්තටම ඒ නිෂ්පාදනය කරන්න අපි අවුරුදු තුනක් විතර කතාබහ කළා. සෑහෙන කාලයක් ගත්තා ඒ ශිෂ්ටාචාරය සිදු කරන්න. සුසිත් විජේමුණි තමයි ඒක ලිව්වේ. ඒකෙ ප්‍රධාන නළුවාට රඟපාන්න හිටියේත් රොෂාන් රවීන්ද්‍රමයි. පස්සෙ තමයි ධනුක දිල්ෂාන්ව යොදා ගත්තේ. පාසල් යනකොට තිබෙන පසුබිම තමයි ඒ කතාවේ තියෙන්නේ. අපි හැමෝගෙම ලයිෆ් එක.

අපි හදන්නේ කුස්සියේ ඉඳලා අහන්න පුළුවන් නාට්‍ය නෙමෙයි - ෆාහීම් මවුජූඩ්


● ඔබේ නාට්‍ය ලංකාවේ සම්මාන උළෙලවලදී ජනප්‍රියම නාට්‍ය වගේම හොඳම නාට්‍ය බවටත් පත්වෙනවා?

මම දන්නවා ඒක හොඳ නාට්‍යයක් කියලා. නමුත් ජනප්‍රිය නාට්‍ය වෙයි කියලා හිතුවේ නැහැ. අන්තිමේ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය බවට පත්වුණා. නාට්‍ය ආරම්භයේ නම් මේ තරම් හිට් වෙයි කියලා හිතුවේ නැහැ. ඇත්තටම මිනිස්සු අපි හිතුවට වඩා ගොඩක් ආදරයෙන් වැළඳ ගත්තා.

අපි හදන්නේ කුස්සියේ ඉඳලා අහන්න පුළුවන් නාට්‍ය නෙමෙයි - ෆාහීම් මවුජූඩ්

● ආනන්ද අබේනායකයන්ගේ නිර්මාණ රැසකටම බරපැන දරන්නේ ඔබ. ඇයි ඒ?

ආනන්ද අබේනායකයන් මට මුණ ගැහෙන්නේ සුදත් රෝහණයන්ගේ ගිරිකුල නිෂ්පාදනයෙන් පසුව. ආනන්ද අබේනායකයන් සමග මම මුලින්ම නිර්මාණය කළේ තාරා කියන ටෙලි නාට්‍යය. පස්සේ 2014 වසරේ ඉඳලා අද වෙනකම් ඔහුගේ ටෙලි නාට්‍ය සියල්ලම මම තමයි නිෂ්පාදනය කළේ. ඔහුත් සමග මම තාරා, බැද්දේකුලවමිය, වීරයා ගෙදර ඇවිත්, පීතෘ කියන නිර්මාණ හතරම නිෂ්පාදනය කළා. පස්වැනි නිර්මාණය ගැනත් අපි මේ වෙනකොට සාකච්ඡා මට්ටමේ ඉන්නවා.

අපි හදන්නේ කුස්සියේ ඉඳලා අහන්න පුළුවන් නාට්‍ය නෙමෙයි - ෆාහීම් මවුජූඩ්

● සුදත් රෝහණයන්ගේ ගිරිකුල වගේම මාණික්කාවත ගැනත් කතා නොකරම බැහැනේ?

මාණික්කාවත කියන්නේ මම හිතන්නේ ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රය තුළ කරපු දැවැන්තම නිෂ්පාදනයක් දැනට තියෙන වියදම් එක්ක බැලුවහම මම හිතන්නේ නැහැ ඒ වගේ නිර්මාණයක් ඉදිරියට බිහිවේවි කියලා.

අපි හදන්නේ කුස්සියේ ඉඳලා අහන්න පුළුවන් නාට්‍ය නෙමෙයි - ෆාහීම් මවුජූඩ්

● ඇත්තටම මාණික්කාවත නිර්මාණය කරන්න කොච්චර වියදමක් ගියාද?

කොටසකට අපිට ලක්‍ෂ හතකට වඩා වියදමක් ගියා. හැබැයි ඒ වියදම අපිට පියවාගන්න අමාරුයි.

● මාණික්කාවත නිෂ්පාදනයේදී ඔබට ආ අභියෝග මොනවාද?

කල්තොට වැනි ඉතාම දුෂ්කර පළාතක තමයි මේක නිර්මාණය කළේ. අනික නළු නිළියන්ම පනහකට වැඩි පිරිසක් මෙහි රඟපෑවා අවුරුදු සියයක කතාවක්නේ අපි නිර්මාණය කළේ. වේෂ නිරූපණයේදී අපිට ඇමරිකාවෙන් පවා බඩු ගේන්න සිද්ධ වුණා. වේෂ නිරූපණ ශිල්පී නාරද තොටගමුව ඇමරිකාවෙන් තමයි අවශ්‍ය දේවල් ආනයනය කළේ. මට ඕනෑ වුණා වෙනස්ම ටෙලි නාට්‍යයක් කරන්න. මම දන්නවා මේකේ වියදම පියවගන්න. බැරිවෙනවා කියලත්. මාණික්කාවත කවදාහරි කරලා තියන්න ඕනෑ කියන විශ්වාසයේ මම හිටියා.

● ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කළාට ඉන් ඵලක් තියෙනවාද?

මෙහෙමයි මේ මෑතක ඉඳලා අපිට යන වියදම පියවාගන්න අමාරුයි. ඉස්සර හොඳ නාට්‍යයක් කළහම ඒක ගත්ත නාලිකා තිබුණා. හොඳ නිර්මාණයක් කළහම නාලිකාව කතා කරලයි ඉල්ලන්නේ. ගිරිකුල නිර්මාණය කරලා ඉවර වෙනකොටම නාලිකාවකින් ඉල්ලුවා කොහොමත් හොඳ නිර්මාණවලට තවමත් ඉල්ලුමක් තියෙනවා.

● ඔබේ නිෂ්පාදන රැසක් ලංකාවේ සම්මාන උළෙලවලදී ඇගයීමට ලක්වෙනවා නේද?

හොඳ අධ්‍යක්‍ෂවරු යටතේ හොඳ නිර්මාණයක් කරහම අනිවාර්යයෙන්ම ඇගයීමකට ලක්වෙනවා. හොඳ නිර්මාණයක් කරනකොට වියදම් ගැන සීමාවක් පනවලා කරන්න බැහැ. නිර්මාණයට අවශ්‍ය විදිහට වියදම් කරන්න වෙනවා. හොඳ වැඩකට බජට් කපන්න බැහැ. ඒ නිසා තමයි සම්මාන උළෙලවලදී පවා ඇගයීමකට ලක්වෙන්නේ. මගේ නිර්මාණවලදී අධ්‍යක්‍ෂවරයාට පූර්ණ නිදහස ලබාදෙනවා. ඔහුට ඕනෑ වැඩේ කරගෙන යන්න. අඩුම තරමේ මම මේක කරන්න එපා කියලා කිසිම දෙයකට ඇඟිලි ගහන්නේ නැහැ.

● නළු නිළියන් තේරීමේදී විශේෂයෙන් නිළියන් තේරීමේදී අධ්‍යක්‍ෂවරයාට බලපෑම් කරලා නැතිද?

කවදාවත් නැහැ. මගෙත් එක්ක වැඩකරපු අධ්‍යක්‍ෂවරු ඊට හොඳම සාක්‍ෂි දරාවි. මම කවදාවත් අධ්‍යක්‍ෂවරුන්ට කියලා නැහැ මෙයාව ගන්න, අරයව ගන්න කියලා. නළු නිළියන් තෝරන්නේ තිර රචකයා සහ අධ්‍යක්‍ෂවරයා. ක්‍ෂේත්‍රයේ මගේ හොඳ හිතවත් නළු නිළියෝ ඉන්නවා. නමුත් අරයව ගන්න මෙයාව ගන්න කියලා අධ්‍යක්‍ෂවරුන්ට බලපෑම් කරලා නැහැ.

● අද කාලේ නාලිකා ටෙලි නාට්‍ය තුට්ටු දෙකට මිලදී ගන්නවා කියන කතාවට ඔබ එකඟද?

මේකයි දැන් වෙලා තියෙන්නේ. නාලිකාවලට ලොකු ගාණක් දීලා ටෙලි නාට්‍යයක් ගත්තට පස්සේ ඔවුන්ට එන ආදායමත් එක්ක අපිට අවශ්‍ය මුදල දීගන්න අමාරුයි. හැබැයි මීට කලින් ඔවුන් හොඳට ආදායම් ලබන වෙලාවෙත් බැලුවෙත් ලංකාවේ නාට්‍යයක් අරගෙන විකාශනය කරනවාට වඩා ලාභය වැඩිකර ගන්න ඉන්දියාවෙන් ගෙනා නාට්‍යයක් විකාශනය කරනවා. නාලිකා තව ටිකක් වියදම් කරලා ලංකාවේ දෙයකට ඉඩ දුන්නා නම් හොඳයි කියලයි මම හිතන්නේ.

● තව කතාවක් තමයි හොඳ නිර්මාණයක් කළාට විකුණාගන්න අමාරුයි කියන කතාව. ඒක ඇත්තක්ද?

නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම මුලින් කිව්ව වගේ හොඳ නිර්මාණයක් කළොත් ඒක ගන්න මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. වෙච්ච වියදම අපිට පියවාගන්න පුළුවන්ද කියන එක විතරයි එතැන ගැටලුව තියෙන්නේ. නැතිනම් හොඳ නිර්මාණයක් මිලදී ගන්න නාලිකා අදටත් බලාගෙන ඉන්නවා.

● අද කාලේ වෙනකොට මිනිස්සු නරඹන්නේ හරි සරල කතා නමුත් ඔබලා නිර්මාණය කරන්නේ ගැඹුරු කතා මේක ගොඩක් දුරට සාර්ථකද?

මේකයි ගැඹුරු කතා බලන ප්‍රේක්‍ෂක පිරිසක් ඉන්නවා. මෙගා එකක් බලන කුස්සියේ ඉඳගෙන වැඩකරන පිරිසක් නෙමෙයි මෙතැන ඉන්නේ. රූප මාධ්‍යයට මුල්තැන දීලයි අපි වැඩ කරන්නේ. අපි රූපවාහිනියෙන් කතා කරන්නේ රූප මාධ්‍යයනේ. රූප නොබලා කතාව අහන්න බැහැ. දැන් ගොඩක් මෙගා නාට්‍ය බලන්නේ කුස්සියේ ඉඳලා. සාලේ ටීවී එක දාලා කුස්සියේ ඉඳලා අහගෙන ඉන්නවා. අපි හදන ඒවා එහෙම බලන්න පුළුවන් ඒවා නෙමෙයි. අපි හදන්නේ කුස්සියේ ඉඳලා අහන්න පුළුවන් නාට්‍ය නෙමෙයි. ඒක ටීවී එක ඉස්සරහට ඇවිල්ලා බලන්න ඕනෑ.

● වර්තමානයේ ටෙලි නාට්‍ය කලාවට අත්වෙලා තියෙන ඉරණම ගැන මොකද හිතන්නේ?

ඇත්තම කියනවානම් දැන් ටෙලි නාට්‍ය කලාවට අත්වෙලා තිබෙන ඉරණම හරි ඛේදනීයයි කියලා තමයි කියන්න වෙන්නේ. මම හිතන්නේ නැහැ ඉස්සරහට හොඳ නාට්‍යයක් කරන්න නිෂ්පාදකවරු ඒවි කියලා. වියදම් කරපු මුදලත් ලැබෙන්නේ නැති වුණාම ඒක ලොකු ප්‍රශ්නයක්. අඩුවෙන් ලැබෙන මුදලවත් අපිට නාලිකාවලින් වෙලාවට ගෙවන්නේ නැහැනේ. මම මේ නාලිකාවලට දොස් කියනවා නෙමෙයි. නාලිකා මොකක් හරි ක්‍රමවේදයක් හදන්න ඕනෑ. නිෂ්පාදකවරු රැකගන්න. එහෙම වුණොත් තමයි හොඳ ටෙලි නාට්‍ය නිෂ්පාදනය වෙන්නේ. එහෙම නොවුණොත් මේක ඇත්තටම නැතිවෙලා යාවි.

● ඔබ නිෂ්පාදනය කරපු නාට්‍යවලින් ඔබ වඩාත්ම කැමති නාට්‍ය කුමක්ද?

පෞද්ගලිකව ගත්තොත් තණමල්විල කොල්ලෙක් මගේ ජීවිතයට සම්බන්ධ ගොඩක් දේවල් ඒ නාට්‍ය තුළ තිබෙනවා. මම හිතන්නේ ඒ නාට්‍යයේ අපි හැමෝගෙම ජීවිතවලට සම්බන්ධ දේවල් තියෙනවා.

● මේ දිනවල මීනු ටෙලි නාට්‍ය විකාශනය වෙනවා නේද?

මොණරාගල ප්‍රදේශයේ ගුරුවරියක් තමයි මෙහි තිර කතාව ලියන්නේ. අධ්‍යක්‍ෂණය කළේ ඉරේෂ් ලොකුබණ්ඩාර. තිර රචනයෙයි අධ්‍යක්‍ෂණයෙයි සම්බන්ධතාවයෙන් වැඩ කළා කොහොම හරි ඒක හිට් එකක් වුණා. මමත් බලාපොරොත්තු වුණේ නැහැ මීනු මේ තරම් හිට් වෙයි කියලා. ඒ කතාව අපි බලාපොරොත්තු වුණාට වඩා මිනිස්සු අතරට ගියා.

● ඔබ රටින් පිට. ඔබේ නිර්මාණ ලංකාවේ. වැඩේ කොතරම් දුරට සාර්ථකද?

මට ඉන්නවා ගොඩක් විශ්වාසවන්ත නිෂ්පාදන සම්බන්ධීකාරවරයෙක්. ඔහු නොසිටින්න මම ටෙලි නාට්‍ය කරන එකක් නැහැ. ඔහු වගකීම් සියල්ල හරියාකාරව ඉෂ්ඨ කරනවා. අරවින්ද වික්‍රමසිංහ තමයි ඔහු. මගේ අවසානයට කරපු ටෙලි නාට්‍ය දහයක් විතර ඔහු තමයි නිෂ්පාදන සම්බන්ධීකරණය කළේ. ඔහුටත් මේ ක්‍ෂේත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. සාමාන්‍යයෙන් මම ටෙලි නාට්‍ය කරන කොට ලංකාවට එනවා. වසංගතය හින්දයි එන්න බැරිවුණේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment