තායිලන්ත හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා නිදහස්

159

දූෂණ චෝදනා මත සිරදඬුවම් නියමව සිටි තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවත්‍රා මහතා නිදහස ලබා තිබේ.

74 හැවිරිදි හිටපු අගමැතිවරයාට වසරක සිරදඬුවමක් නියම ව තිබිණි. දඬුවම් නියමවුවත් සෞඛ්‍ය හේතුන් මත ඔහු එරට පොලිස් රෝහලක රඳවා සිටි අතර එක් දිනක් හෝ බන්ධනාගාරයේ රැඳී නොසිටියේය. මුලින් හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාට වසර 08ක සිරදඬුවමක් නියම වී තිබුණ ද තායිලන්ත රජු විසින් එය වසරක් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබිණි. ඔහු දැන් සිය නිවසට ගොස් තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment