ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 22ක් මරුට

345


උතුරු ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි මේන් ප්‍රාන්තයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස් තවත් 50ත් 60ත් අතර පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි .මේන් ප්‍රාන්තයේ ලෙවිස්ටන් නගරයේ ක්‍රීඩා පථයක ,තානායමක හා මත්පැන් හලක සිදුව ඇති මෙම වෙඩි තැබීම් මාලාව තනි පුද්ගලයෙකු විසින් සිදු කර ඇත. එම පුද්ගලයා වෙඩි තැබීම් සිදු කිරීමෙන් පසු සුදු පැහැති වාහනයකින් පලා ගොස්‌ ඇති බව වාර් තා වී තිබේ .

මෙම වෙඩි තැබීම් මාලාව ඉතා විශාල පරිසරයක් තුළ සිදු වීම නිසා ඉන් මිය ගිය හා තුවාල ලැබූ පිරිස තවත් ඉහළ යනු ඇතැයි බලධාරීහු පවසති .සිද්ධියෙන් අනතුරුව වෙඩික්කරු තවදුරටත් නිදැල්ලේ සිටීම නිසා ආරක්‍ෂිත පියවරක් ලෙස ලෙවිස්ටන් නගරයේ සියලු‍ පාසල් හා ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නගර බලධාරීන් විසින් පියවර ගෙන තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment