ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර: සමෘද්ධි ලාභීන්ට මිලියන 187ක් අඩුවෙන් ගෙවලා

100

ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය යටතේ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින ප්‍රතිලාභීන් සඳහා රුපියල් මිලියන 187ක මුදලක් අඩුවෙන් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී ව්‍යාපෘතිය යටතේ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ ප්‍රතිලාභීන් සඳහා එක් පුද්ගලයකුට රුපියල් 5000ක මුදලක් ගෙවිය යුතු විය. එහෙත් 2022 වර්ෂයේ සැප්තැම්බර් හා ඔක්තෝබර් යන මාසවල දී එක පුද්ගලයකුට ගෙවා ඇත්තේ පිළිවෙළින් රුපියල් 4700ක් හා රුපියල් 3000 බැගින් බව විගණන වාර්තාවේ සඳහන් වේ. ප්‍රතිලාභීන් සඳහා එවැනි අඩුවෙන් ගෙවීම්වල එකතුව රුපියල් මිලියන 187ක් බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

අනුමත මුදල ගෙවීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment