යූනියන් ඇෂුවරන්ස් 2023 තුන් වන කාර්තුවේ විශිෂ්ට ප්‍රගතියක් වාර්තා කරයි

50

ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, 2023 වසරේ තුන් වන කාර්තුවේදී ප්‍රධාන මූල්‍ය මිනුම්දඬු අනුව ක්‍ෂේත්‍රය තුළ ප්‍රමුඛතමයෙකු බව සනිටුහන් කරමින් අත් කර ගත් සුවිශේෂී කාර්ය සාධනය නිවේදනය කරන්නේ ඉමහත් සතුටිනි. ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින්, යූනියන් ඇෂුවරන්ස් සමාගම 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව දළ ලිඛිත වාරිකයේ 14% ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, එය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධන අනුපාතය වන 11% ඉක්මවා යාමකි. 2023 තුන් වන කාර්තුව වන විට 12%ක සමස්ත වෙළෙඳපොළ දායකත්වය සුරක්ෂිත කර ගනිමින්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ 4 වන විශාලතම රක්ෂණ සමාගම බවට පත්වීමෙන් යූනියන් ඇෂුවරන්ස් සමාගම වැදගත් සන්ධිස්ථානයකට ළඟා විය. 2022 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව, 2023 ගෙවී ගිය මාස නවය තුළ ජනනය කරන ලද ඉහළ ආයෝජන ආදායම හේතුවෙන්, අතිරික්ත ගෙවීම් හැර, බදු ගෙවීමෙන් පසු ලාභය 74%ක් දක්වා ඉහළ ගියේය. යූනියන් ඇෂුවරන්ස්හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය 46%ක ආකර්ෂණීය වර්ධනයක් අත්කර ගනිමින් 2023 තුන් වන කාර්තුව වන විට බිලියන 23.9ක ප්‍රාග්ධනයක් වාර්තා කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment