කොවිඩ් විජයකාන්ත් බිලිගනී

1248

ජනප්‍රිය දකුණු ඉන්දීය (කොලිවුඩ්) නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 71 වැනි වියෙහි පසු විය.

ඩී.එම්.ඩී.කේ. හෙවත් දේශීය මුර්පොක්කු ද්‍රවිඩ කසාගම් පක්ෂයේ නිර්මාතෘවරයා ලෙස ද වන විජයකාන්ත්, මියගොස් ඇත්තේ කොවිඩ් 19 නව වෛරසය ආසාදනය වී ඇති වුණු සංකූලතා හේතුවෙනි.

හමුදා නිලධාරීන්ගේ චරිත බොහොමයකට පණ පෙවීම හේතුවෙන්, විජයකාන්ත්ගේ රසික රසිකාවියෝ ඔහු කැප්ටන් යන නමින් හඳුන්වති.

රංගනයෙන් ලැබූ ජනප්‍රියත්වයෙන් විජයකාන්ත්, ඩී.එම්.කේ. පක්ෂය හරහා දේශපාලනයට පිවිසියේ, 2005 වසරේදීය. 2006 තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණය වෙනුවෙන් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ අතර, එහි දී ඔවුන්ට ප්‍රාන්ත දේශපාලනය තුළ සැලකිය හැකි බලවේගයක් ලෙස ස්ථාපිත වීමට හැකියාව ලැබිණි.

2011 තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේ දී විජයකාන්ත් විපක්ෂ නායකයා බවට ද පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment