නවසීලන්ත ක්‍රීඩිකාවෝ දිවයිනට එද්දී ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

168

සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා සංචිතය පසුගිය දා ප්‍රකාශයට පත් කරන ලදී.

ජුනි 27 සිට ජුලි 03 දක්වා පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය අයිසීසී කාන්තා එක් දින ශූරතාවලිය යටතේ පැවැත්වේ. අනතුරුව පන්දු වාර විස්සයි විස්ස තරගාවලියක් ද පැවැත්වෙයි. මෙම තරගාවලියේ සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර නවසීලන්ත කාන්තා කණ්ඩායමක් ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වේ.

නවසීලන්ත ක්‍රීඩිකාවෝ දිවයිනට එද්දී ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

මේ අතර තරගාවලියට සහභාගිවන නවසීලන්ත කණ්ඩායම ඊයේ උදෑසන දිවයිනට පැමිණියේය. තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමිව තිබේ. එම සංචිතය මෙසේය.

චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, අනුෂ්කා සංජීවනී, හසිනි පෙරේරා, නිලක්ෂි ද සිල්වා, කවීෂා ඩිල්හාරි, ඕෂධී රණසිංහ, සුගන්ධි කුමාරි, ඉනෝකා රණවීර, උදේෂිකා ප්‍රබෝධනී, හංසිමා කරුණාරත්න, ඉනෝෂි ප්‍රනාන්දු, කාව්‍යා කාවින්දි, ඉමේෂා දුලානි.

advertistmentadvertistment
advertistmentadvertistment