මෙසී සහ බොන්මටි 2023 පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන දිනති

118

ඉකුත් 2022 වසරේ ලෝක කුසලාන පාපන්දු ශූරතාවය දිනූ ආර්ජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී 2023 වසරේ ජගත් පාපන්දු සංගමයේ (ෆීෆා) ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා ලෙසත් ස්පාඤ්ඤ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ අයිටානා බොන්මටි ලොව හොඳම පාපන්දු ක්‍රීඩිකාව ලෙසත් නම් කර එම සම්මාන ඔවුන්ට පිරිනැමීමට එම, සංගමය විසින් පියවර ගෙන තිබේ.

පෙරේදා (15) එංගලන්තයේ ලන්ඩන් අගනුවර පැවති ජගත් පාපන්දු සංගමය විසින් සංවිධානය කළ සම්මාන උළෙලේදී මෙම සම්මාන පිරිනමා ඇති අතර ලයනල් මෙසී මෙවර ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා වශයෙන් උත්තරීතර ෆීෆා සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ තෙවැනි වරටය. මෙසී විසින් ඉකුත් 2022 වසරේ දෙසැම්බර් මස සිට 2023 අගෝස්තු මස දක්වා ගත වූ කාලයේදී දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙන ඔහුට මෙම සම්මානය පිරිනමා තිබේ. ස්පාඤ්ඤ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ බොන්මටි හට ලොව හොඳම පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය පිරිනමා ඇත්තේ ඇය විසින් ස්පාඤ්ඤයේ බාසලෝනා නගරයේ පැවැති ජගත් කාන්තා පාපන්දු ශූරතා තරගාවලියේදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමේදී දැක්වූ දස්කම් හේතුවෙනි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment