කිංග්ස්වුඩ් විදුහල 20න් පහළ සත් සාමාජික හොකී ශූරතාව දිනා ගනී

133

“රිස්බරි සෙවන්ස්” අන්තර් පාසල් අවුරුදු 20 න් පහළ බාලක සත් සාමාජික හොකී තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් ඒ සඳහා පිරිනමන ලද “ඒ. ජේ. විජේසිංහ කුසලාන”යට හිමිකම් කියන්නට මහනුවර කිංග්ස්වුඩ් විදුහල සමත් විය.

එකී අනු ශූරතාව ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල හිමිකර ගත් අතර දෙවන අනු ශූරතාව කොළඹ ආනන්ද විදුහල සතු විය.

මෙවර දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඇලවීෂියස් විදුහලේ කුෂාන් හිරුන්දික තිළිණ ලැබූ අතර කිංග්ස්වුඩ් විදුහල නියෝජනය කළ ජේ. ඒ. වන්නිනායක දක්ෂතම ගෝල් රකින්නා ලෙස සම්මාන ලැබීය.

මාතලේ හින්දු විදුහලේ ආර්. කෝගුල් අනාගත බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයා ලෙස නම් කෙරුණි.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද මෙවර තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම් උදෙසා තිළිණ ප්‍රදානය අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පවත්වන ලද මෙවර අවසන් පූර්ව වටයේදී කිංග්ස්වුඩ් විදුහල හමුවේ මාතලේ හින්දු විදුහල ද ශාන්ත ඇලවීෂියස් විදුහල හමුවේ කොළඹ ආනන්ද විදුහල ද පරාජය ලැබීය. මාතලේ හින්දු විදුහල පරාජය කරන්නට සමත් වූ ආනන්ද විදුහලට දෙවන අනු ශූරතාව හිමි විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment