සත් සාමාජික හොකී ශූරයෝ

66

රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් මුල් වරට පවත්වන්නට යෙදුණු සත් සාමාජික හොකී තරග මාලාවේ පිරිමි ශූරතාව දිනා ගැනීමට පොලිස් (ඒ) කණ්ඩායම සමත් වන අතර වාරයේ දී කාන්තා ශූරතාව ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩීකාවන්හට හිමි වූහ.

සත් සාමාජික හොකී ශූරයෝ

එකී පිරිමි අනු ශූරතාව පොලිස් (බී) පිලට හිමි වූ අතර දෙවන අනු ශූරතාව අධ්‍යාපන අමාත්‍යාංශය සතු විය.

කාන්තා අංශයේ අනු ශූරතාව අධ්‍යාපන අමාත්‍යාංශයට හිමි විය.

කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පැවති මෙවර තරගාවලියේ දක්ෂතම ආක්‍රමණික ක්‍රීඩකයා ලෙස චතුරංග දිනේෂ් (පොලිස්) ද දක්ෂතම ආරක්ෂක ක්‍රීඩකයා ලෙස දිනුක වීරසිංහ (පොලිස්) ද දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව ලෙස අමිලා කපිලරත්න (විශ්වවිද්‍යාල) ද දක්ෂතම ආක්‍රමණික ක්‍රීඩිකාව ලෙස කෞශල්‍යා ප්‍රනාන්දු (විශ්වවිද්‍යාල) ද සම්මාන ලැබූහ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment