දකුණු අපි‍්‍රකාවට එරෙහි ශී‍්‍ර ලංකා මූලික සංචිතය නම් කරයි – චන්දිමාල්ටත් අවස්ථාවක්

1082

සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමගින් පැවැත්වෙන විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය සඳහා කී‍්‍රඩකයන් තිස් දෙනකුගෙන් යුත් ශී‍්‍ර ලංකා මූලික සංචිතයක් නම් කර ඇතැයි වාර්තා වේ. කි‍්‍රයාත්මක එස්.එස්.සී. ආරාධිත පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේදී දක්ෂතා දැක්වූ කී‍්‍රඩකයන් මෙම මූලික සංචිතය සඳහා කැඳවා ඇති අතර ශී‍්‍ර ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල්ද ඊට ඇතුළත්ව ඇති බවට එහිදී වැඩිදුරටත් වාර්තා වේ.

පසුගිය මාර්තු මාසයේදී පැවැති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයෙන් අනතුරුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඉඩක් නොලැබුණු දිනේෂ් චන්දිමාල් මේ දිනවල කි‍්‍රයාතමක එස්.එස්.සී. ආරාධිත කි‍්‍රකට් තරගාවලියේ රෙඞ්ස් කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරනු ලබයි. එහිදී මේ දක්වා (ඊයේ තරගයට පෙර) තරග හතරකට කී‍්‍රඩා කර ඇති චන්දිමාල් අර්ධ ශතක දෙකක් සමගින් මුළු ලකුණු 129ක් වාර්තා කිරීමට සමත්වී සිටී. එහිදී පිතිකරණ සාමාන්‍ය 43.00ක් ලෙසින් සටහන් වන අතර ප‍්‍රහාරක වේගය 119.44ක් ලෙසින් සටහන් වී තිබේ.

නම් කර ඇති මූලික සංචිතයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක වෙත හිමිවී තිබේ. මීට අමතරව ආරාධිත විස්සයි විස්සයි තරගාවලියේදී දක්ෂතා දක්වමින් සිටින කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ

, ළහිරු මදුසංක, පුලින තරංග, මහේෂ් තීක්ෂණ, දිල්ශාන් මදුසංක යන කී‍්‍රඩකයන්ද මෙම මූලික සංචිතය සඳහා නම්කර තිබේ. විවේක ගන්වා සිටි භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, බිනුර ප‍්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීරද මෙම මූලික සංචිතයට කැඳවා ඇති අතර මේ වනවිට කොරෝනා ආසාදිත වී සිටින කුසල් පෙරේරා දකුණු අපි‍්‍රකානු තරගාවලියට කී‍්‍රඩා කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වාර්තා කර සිටී.

නම්කර ඇති මූලික සංචිතය – දසුන් ශානක (නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප‍්‍රනාන්දු, මිනෝද් භානුක, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, අශේන් බණ්ඩාර, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ඉෂාන් ජයරත්න, ධනංජය ලක්ෂාන්, ළහිරු මධුසංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, දුෂ්මන්ත චමීර, නුවන් ප‍්‍රදීප්, බිනුර ප‍්‍රනාන්දු, ළහිරු කුමාර, අසිත ප‍්‍රනාන්දු, ශිරාන් ප‍්‍රනාන්දු, දිල්ෂාන් මධුශංක, ප‍්‍රවීන් ජයවික‍්‍රම, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, මහීෂ් තීක්ෂණ, පුලින තරංග.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment