සෞඛ්‍ය අමාත්‍යංශය නව කොරෝනා ප‍්‍රභේද ගැන පරීක්ෂණ සිදු කිරීම අධෛර්යට පත් කරනවා

326

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම දිගින් දිගටම අධෛර්යයට පත් කරමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත්  සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා චෝදනා කරයි.
 
 අමාත්‍යංශය විසින් මෙසේ අදාළ පරීක්ෂණ අධෛර්යයට පත් කරනුයේ, කිසියම් යටි අරමුණක් සඳහාද යන්න සැක සහිත බව පෙන්වා දෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා, නව තාක්ෂණය යොදා ගනිමින් රුපියල් දහදාහකටත් වඩා අඩු මුදලකට ප‍්‍රභේද පරීක්ෂණයක් සිදුකළ හැකිව තිබියදී, සෞඛ්‍ය අමාත්‍යාංශයේ
 
 රසායනාගාර සඳහා හිතාමතාම එම පහසුකම ලබා නොදෙන්නේ රෝගය සැබෑ ස්වරූපය හෙළිදරව් වීම වැළැක්වීම සඳහා ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතුවන බව කියයි.
 
 ලෝකයේ බොහෝ රටවල රතු කලාපවලට ඇතුළත් කර තිබෙන ශ‍්‍රී ලංකාව, කොරෝනා වෛරස් ප‍්‍රභේද පරීක්ෂණ සිදු නොකිරීම නිසාම එම කලාප ලැයිස්තුවලින් ඉවත් වන්නට නොහැකි, නොදියුණු සෞඛ්‍ය සේවාවක් ඇති රටක් බවට තහවුරු වෙමින් පවතී. සංචාරක ව්‍යාපාරයටද එය බරපතළ තර්ජනයක් වන බැවින්, සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැර හැර ඇති එම වගකීම ගුවන් සේවා අමාත්‍යාංශය මගින් හෝ සිදු කරන ලෙස අප ඉල්ලා සිටිමු. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව අවම වශයෙන් විදේශ රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ගේ කොරෝනා පරීක්ෂණයන් සිදු කිරීමේ වගකීම ගුවන්තොටුපළ රසායනාගාරයට භාරගත හැකි බැවින් අප ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ලෙස ගුවන් සේවා
 
 ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා’’ යැයි හෙතෙම අවධාරණය කළේය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment