ඔක්තෝබරයේ උද්ධමනය සියයට 66 ට බසී

88

දිගටම වැඩිවෙලා ගිය මාසේ රිවස් වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69.8 සිට ඔක්තෝබර් මාසයේ සියයට 66.0 ක් දක්වා පහළ ගොස් තිබේ.

පසුගිය මාසවල දිගින් දිගටම වේගයෙන් උද්ධමනය ඉහළ ගිය අතර මෙසේ සෑහෙන කලකට පසුව ප්‍රථම වතාවට උද්ධමනය අඩුවීම විශේෂත්වයකි.

ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය මෙලෙස පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික පහළ යෑම් හේතු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 94.9 සිට 2022 ඔක්තෝබර් මාසයේ සියයට 85.6 දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 57.6 සිට 2022 ඔක්තෝබර් මාසයේ සියයට 56.3 ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment