RAGE Coffee ඉන්දියානු වෙළෙඳපොළේ පැවැති උසස් ප්‍රමිතියේ කෝපි හිඟයට විසඳුම් ලෙස භාරත් සේටිගේ සංකල්පයක් අනුව 2018 වසරේ දී හඳුන්වා දෙනු ලැබිණි. වෙළෙඳපොළේ පැවැති උසස් ප්‍රමිතියේ ස්වාභාවික කෝපි හිඟය පියවීම උදෙසා මෙම සමාගම නිර්මාණය කෙරිණි. අප සමාගමේ ආයෝජනය කිරීමට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි මහතාට ආරාධනා කළ අතර ඔහු එම ඇරයුම පිළිගෙන RAGE කෝපි නිල සන්නාම තානාපතිවරයා ලෙස සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ද පැමිණියේ ය. කෝලි සන්නාම ප්‍රවර්ධනයට අකමැති බවට ප්‍රසිද්ධියක් ඉසිලූව ද ඔහු අප සමග එකතු වීම RAGE කෝපිවල ගුණාත්මක බව තවදුරටත් සහතික කරයි.

RAGE වෙත පිවිසෙමු

RAGE Coffee සඳහා මිහිරි රසය සුවඳ සහ නියම පැහැය ලබා දෙන කෝපි ඇට ඉතියෝපියාවෙන් සහ ඉන්දියාවෙන් ලබා ගනී. කෝපි අස්වනු වියළා සැකසීමේ ගතානුගතික ක්‍රිමවේදය ඔබට නියම කෝපි රසය විඳ ගැනීමට බාධාවක් නිසා නෙළා ගත් අස්වනු නවීන තාක්ෂණය භාවිතයෙන් විජලනය කොට RAGE Coffee සකස් කරනු ලැබේ.

වෙනත් ප්‍රමුඛ පෙළේ කෝපි නිෂ්පාදනවල අඩංගු සිරුරට අහිතකර අපද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන බව සහතික කරන 100% ශාකසාරමය විශේෂ විද්‍යාත්මක සම්මිශ්‍රණයකින් සමන්විත මෙම සුපිරි කෝපි පානය, ඔබට කෝපි කෝප්පයකින් ලැබිය හැකි ඉහළ ම පෝෂණ අගය පමණක් ලබා දෙයි.

RAGE කෝපි පානය ඉහළම ගුණාත්මකභාවය පමණක් නොව කෝපි ග්‍රෑම් එකකට වැඩි ම කැෆෙන් ප්‍රමාණයක් ලබා දීම ද සහතික කරයි. අනෙකුත් ප්‍රමුඛ පෙළේ කෝපි නිෂ්පාදන එක් කෝපි කෝප්පයක කැෆෙන් මිලි ග්‍රෑම් 90ක් අඩංගු බව පවසන අතර RAGE කෝපි කෝප්පයක් පුද්ගලයෙකුට සිය දවස ප්‍රබෝධයෙන් ආරම්භ කිරීම සඳහා කැෆෙන් මිලි ග්‍රෑම් 120ක් ලබා දෙන බව තහවුරු කරයි.

ඊට අමතරව, සාමාන්‍ය RAGE කෝපි කෝප්පයක පහත සඳහන් අමුද්‍රව්‍ය අඩංගු වේ.

Ginkgo Biloba – මෙය නැගෙනහිර ආසියානු රටවලට අවේනික ප්‍රති-ඔක්සිකාරක ශාකයක් වන අතර රුධිරගත ආබාධ සහ මතක ශක්තිය අඩුවීම සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරයි.

Panax Ginseng – රුධිරගත සීනි මට්ටම කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන බවට සහ විවේකය සැහැල්ලූරෑව වැඩි කරන බවට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇති ඔසුවකි‘

Rhodiola Rosea – කාංසාව සහ මානසික අවපීඩනය කළමනාකරණය කරන අතර ශාරීරික ශක්තිය, මානසික ශක්තිය සහ මානසික ධාරිතාව වැඩි කරන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇති ඔසුවකි.

Bacopa Monnieri – ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙන (සිංහල බසින් ලූණුවිල යනුවෙන් යනුවෙන් හඳුන්වයි. මෙම ඔසුව ප්‍රදාහය අඩු කිරීමට මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට සහ රුධිර පීඩනය අඩු කිරීමට භාවිත කරයි.

L-theanine – මෙය තේවල අඩංගු ඇමයිනෝ අම්ලයකි. එය කායවර්ධන ක්‍රීඩාවේ දී විශේෂයෙන් ශාරීරික ක්‍රියාකාරකම්වල දී ශරීරයට ඇති වන ආතති බලපෑම් අවම කිරීමට භාවිත කරයි.

L-glutamine -පරිවෘත්තීය ක්‍රියාවලිය පහසු කිරීමට බඩවැලේ නීරෝගීභාවය රැකගැනීමට සහ ක්‍රීඩා දක්ෂතා ඉහළ නංවාලීමට උපකාරී වන බව ප්‍රත්‍යක්ෂ කළ ඇමයිනෝ අම්ල විශේෂයකි.

RAGE Coffee සෞඛ්‍යයට අහිතකර ඇබ්බැහිය පිළිබඳ සිතුවිල්ලෙන් මිදී කිසිදු චකිතයකින් තොරව දවස පුරා ආස්වාදය ලද හැකි ප්‍රණීත පෝෂණීය කෝපි කෝප්පයක් රස විඳීමේ අවස්ථාව ඔබට ලබා දෙයි.

ඡායාරූපය- නිශාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment