මෙටෙක්නො ලංකා රිදියෙන් පිදුම් ලබයි

54

ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අනර්ග තාප පරිවාරක සැන්ඩ්විච් පැනල් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සින්ත් ඇලුමිනියම් සෙවිලි විසඳුම් නිෂ්පාදකයකු වශයෙන් ප්‍රචලිත METECNO LANKA ආයතනය මෑතක දී පැවැත්වූ ජාතික කර්මාන්ත විශිෂ්ටයන්ගේ සම්මාන උළෙලේ දී රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යාංශය එක්ව සංවිධානය වූ මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වූ ප්‍රථම කර්මාන්ත විශිෂ්ටයන් ඇගයීමේ අවස්ථාව ද වේ. මෙටෙක්නො සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/අධ්‍යක්‍ෂ අනුක්ෂ ශ්‍රී නම්මුනි මහතා අදහස් දක්වමින් කියා සිටියේ ඔහු සහ මෙටෙක්නො ලංකා සමාගමේ සෙසු සාමාජිකයන් මෙම සම්මානය ලැබීය ගැන කෘතහයස්තවන බවයි.

මෙවන් සම්මානයක් ලැබීම දිරිගැන්වීමක් පමණක් නොව, ආයතනයට ලැබුණු පිළිගැනීමක් ලෙස ද සලකන බවය. නම්මුනි මහතා ආයතනය, මෙවන් සම්මානනීය පිළිගැනීමකට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය බව කියා සිටියි. 1993 ආරම්භයේ සිට මේ දක්වා සමාගම ආ ගමන් මඟ පහසු එකක් නොවිණි. නමුත් ඒ සියලු බාධක මැඬගෙන අද ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමට ලැබීම අතිමහත් සතුටකි. තම කාර්ය මණ්ඩලයට සිය ස්තුතිය පළ කළ නම්මුනි මහතා වසර ගණනාක සිට එක්ව සිය උපරිම කැපකරීම් කළ කාර්ය මණ්ඩලයට මෙහි ගෞරවය හිමිවිය යුතුයි. අපගේ ශක්තිය අපගේ කාර්ය මණ්ඩලයයි. වසර ගණනාවක සිට සමාගමේ සංකල්පය වූයේ පාරිභෝගික අභිවෘද්ධියයි.

පාරිභෝගිකයාගේ අවශ්‍යතා මනාව තේරුම් ගැනීමෙන් එම අවශ්‍යතා සහ උවමනා නිසි කලට නිසි පරිදි සැපයීමට වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment